(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විශ්ව බලයෙන් රෝග සුව කරන මහා බලයක් ඇතැයි පවසමින් පුරා පැය හයකට ආසන්න කාලයක් නිවසේ විදුලිය විසන්ධි කර කෝටිපති ව්‍යාපාරික නිවැසියන් මුලාකර රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපල වංචා කළ යකැදුරකු බව කියන පුද්ගලයකු පන්නිපිටිය ඇරැව්වල දි අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
තලවතුගොඩ හෝකන්දර ප්‍රදේශයේ පුද්ගලයකු මිතුරකු මාර්ගයෙන් මෙම වංචාකාරී පුද්ගලයා හඳුනාගෙන ඇති අතර රෝගීව සිටින ව්‍යාපාරික පියාව සුවපත් කිරීමේ අරමුණින් පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලය කරා මිතුරා හා මව සමග මීට මාස කීපයකට පෙර ගොස් තිබූ බව පොලිසිය කියයි.
එහිදී ශාන්තිකර්මය කිරීම සඳහා රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් ඉල්ලා ඇති අතර ව්‍යාපාරික නිවැසියන් ඒ මොහොතේම රුපියල් 58,000 ක අත්තිකාරම් මුදලක් ලබාදී තිබු බව පොලිසිය කියයි.
ඉකුත් මැයි මස 22 දින ශාන්තිකර්මය කිරීම සඳහා සැකකාර යකැදුරා කාලි මෑණියන් ආරූඩ වන බව කියන ඔහුගේ නැගණිය ,ඇතුළු මව හා පියා ද සමග හෝකන්දර නිවසට ගොස් මෙම වංචාව සිදු කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
මෙච්චර ලොකේ දියුණු වෙලාත් මේ වගේ අය ඉන්නකම් රට දියුණු වෙන්නේ නැහැ
පළමුවෙන් ශාන්තිකර්මය කල යුත්තේ යකදුරාට සහ එයාගේ පවුලේ අයටයි
ඇයි මිනිස්සු මෙච්චර මෝඩ... අයියෝ සල්ලි..!!!
කෝටිපතියන් උනාට වැඩක් නෑ, අඩුම තරමින් සාමාන්‍ය අධ්‍යාපනයක්වත් නැත්නම් වෙන්නේ ඕක තමයි. ලොව බොහෝ රටවල් වේගවත් දියුණුවක් ලබද්දී අපි තවමත් මෙවන් මිත්‍යා මතවල එල්බගෙන වල පල්ලටම යනවා.
තවත් රත්තරන් කෙනෙක්.. පාර්ලිමේන්තුවට යවන්න එයාගේ අයියා එක්ක වැඩ කරන්න.