
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් කරනු ලැබූ නිර්දේශයක් බලරහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (21) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.