IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශීතකරණවල තැබිය යුතු ඖෂධ කොරිඩෝවේ: කෝපා විමර්ශනයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

අධිශීතකරණවල තැන්පත් කළ යුතු ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ කොරිඩෝවේ සහ සාමාන්‍ය කාමරවල ගබඩා කිරීම නිසා එම ඖෂධවල බල බිඳී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට තොරතුරු අනාවරණයවී ඇත.

ඖෂධවල ක්‍රියාකාරීත්වය මෙලෙස හීනවීම නිසා රෝගියකුට එක් පෙත්තක් වෙනුවට පෙති කිහිපයක් එකවර ගැනීමට සිදුවන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා ) සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.

සෘණ ශීත තත්වයන් තුළ ගබඩා කළ යුතු ඇතැම් ඖෂධද මෙලෙස සාමාන්‍ය උෂ්ණත්වය යටතේ තිබී ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (17) රැස්විය.

එම කාරක සභාවට පෙරේදා කැඳවා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ නිලධාරින්ය.

ඖෂධ වර්ග මෙලෙස අනාරක්ෂිතව ගබඩා කර තැබීම ගැන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඖෂධ සැපයුම් අංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.

ශීතකරණවල හිඟය නිසා මෙම තත්වය ඇතිවූ බව එම නිලධාරීන් එහිදී ප්‍රකාශ කරන ලදැයිද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

වහාම එම තත්වය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී ඖෂධ සැපයුම් අංශයේ නිලධාරීන්ට උපදෙස්දී ඇත.

මේ අතර රටට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍ය ඖෂධ 347ක් වුවද විවිධ සමාගම් විවිධ කාණ්ඩ යටතේ ඖෂධ 20,000 ක් මෙරටට ආනයනය කරනු ලබන බව කෝපා කමිටු රැස්වීමේදී තොරතුරු අනාවරණයවී ඇත.

අවුරුද්දටම අවශ්‍ය බෙහෙත් එකවර ගැනීම සුදුසු බවත් එසේ කටයුතු නොකිරීමෙන් ඖෂධ හිඟයක් ඇති වන බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීවේය.

ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ සමාගම් සමග එකතුවී විශාල වශයෙන් මුදල් උපයන බවද හෙතෙම සඳහන් කළේය.

ඖෂධ ගෙන්වීමේදී සිදුවන අක්‍රමිකතා වැලැක්වීමට පියවර ගන්නා ලෙස කෝපා කමිටුව වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 



අදහස් (3)

ශීතකරණවල තැබිය යුතු ඖෂධ කොරිඩෝවේ: කෝපා විමර්ශනයක්

ravin Friday, 19 November 2021 08:58 AM

දත්ත මැකීමේ හේතුව ඔය පැහැදිලි ලෙස තියෙන්නේ.

:       0       3

kamal Friday, 19 November 2021 10:35 AM

ඕවා තැන්පත් කරන්න ඕන තරම් තැන් අපේ රජතුමා හදලා දුන්නා නේද.?

:       0       3

පැරකුම් Friday, 19 November 2021 02:39 PM

කවුරුත් කලබල වෙන්න එපා. කාටවත් මොකුත් වෙන්නෙ නෑ. අපෙන් අයකරගන්න බදුමුදල් විතරයි නාස්ති වෙන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site