
(ඩයනා උදයංගනී)
පිළියන්දල කහපොළ ප්‍රදේශයේ අක්කර 78ක භූමියක ඉදිකිරීම් ආරම්භ කර මේ වන විට වල් වැදී විනාශ වෙමින් පවතින ‘ශාඛ්‍ය ජනපදය’ ව්‍යාපෘතියේ ගොඩනැගිලි ද භාවිතා කරමින් එහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පිරිවෙන් මධ්‍යස්ථානයක් ඇතුළත් බෞද්ධ සංචාරක කලාපයක් ඉදිකිරීමට පියවර ගන්නා බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය.
ත්‍රිපිටක ධර්මය හා පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි උනන්දු විදේශිකයන්ට මෙහි පැමිණ එම කරුණු අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලබාදීමෙන් මෙරට සංචාරක කර්මාන්තයට නව මුහුණුවරක් ලබාගැනීමට හැකිවනු ඇතැයි ද විජිත බේරුගොඩ මහතා කීවේය.
පසුගිය රජය සමයේ 2017 වසරේ ඉදිකිරීම් ආරම්භ කර දැනට වල් බිහිව “ශාක්‍ය ජනපදය” තමන් පසුගිය දා නිරීක්ෂණය කළ බව කී රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා එම ගොඩනැගිලි විනාශ වෙමින් පැවතීම මෙන්ම එම භූමියේ විවිධ අකටයුතුකම් සිදුවීම සැලකිල්ලට ගෙන නව සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
මෙම ඉඩමේ මුල් හිමිකරු එය මහාභාරකාරවරයාට පවරා ඇත්තේ ද ආගමික කටයුත්තක් වෙනුවෙන් යෙදවීමට බැවින් එහි වෙනත් ව්‍යාපෘති ආරම්භ කළ නොහැකි බව ද බේරුගොඩ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අරමුණ වන්නේ ද දැහැමි, ගුණගරුක සමාජයක් බිහිකිරීම බැවින් මෙම ස්ථානයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවීම වැදගත් බව හෙතෙම කීවේය.
මෙහි දැනට කර ඇති ඉදිකිරීම් විනාශ නොකර නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ස්ථානයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා වන යෝජනාව ඉල්ලීම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව ද බේරුගොඩ මහතා පැවසීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.