(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී නීල් ද අල්විස් මහතා පත් කරනු ලැබ තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්  මෙම නව පත්කිරීම සිදුකර ඇත.

නීල් ද අල්විස් මහතා එම තනතුරේ වැඩ බාර ගැනීම කොළඹ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිල්ලේ පිහිටි වී අලෙවි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී අද (1) සිදු විය.

ප්‍රාදේශීය ලේකම්වරයෙකු, දිසාපතිවරයෙකු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති අල්විස් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇත.