






නිමල් ජයරත්න
පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව නගරයේ පෞද්ගලික වී වෙළඳසැලකට රාත‍්‍රියෙදි ඇතුළු වූ වන අලියෙකු එහි කිසිවකට හානි නොකර වී උරයක් පමණක් හිමින් සීරුවේ කන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන් වීමේ ප‍්‍රවෘත්තියක් වාර්තා වී තිබේ.
පසුගිය වෙසක් පොහොය දා අලූයම 4.30ට පමණ එම වන අලියා ඇතුළු වී ඇත්තේ පොළොන්නරුම මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ කඩවතමඩුව නගරයේ යාබද තිබූ කේ.වී.එම්. කෑරගල මහතාගේ වී වෙළඳසැලටය.
විනාඩි 40 කට ආසන්න කාලයක් වී ගබඩාවේ රැඳී සිටි එම අලියා වී උරයකට පමණක් හානිකර ඇති බවත් කෑරගල මහතා කීය.
තවත් වී උර කිහිපයක් එම අලියාට පසුදින ආහාරයටද කෑරගල මහතා තබා තිබෙන අතර ඔහු පවසන්නේ පැමිණි වන අලියා සාධාරණ අලියෙකු බවයි.
තවද ඔහු පැවසුවේ ගබඩාවේ ප‍්‍රවාහනය සඳහා පටවා තිබු වී ලොරිය අසළ සිට මෙතෙක් වෙලා සිටියත් ලොරියට හෝ එහි වී ගෝනි වලට කිසිදු හානියක් නොකර අසොළ තිබු බිම් තරාදියටද කිසිදු අලාභයක් නොකර ගබඩාව පිටුපස දොරින් ගොස් ඇති බවයි.
COMMENTS
කාරුනික මහත්මයෙක් සහ සාදාරන අලියෙක්...
ගන්නකො මේ සි සි වී කැමරා පටිය. පලකරන්න ප්‍රසිද්දියේ සතාවුවත් තම අවශ්‍යතාවය පමණක් බුක්තිවිඳ ඉතිරි කරපු හැටි. මෙරට සියලුදෙනාටම පාඩමක්. විශේෂයෙන් ඉහගෙන කන දේශපාලුවන්ට.
පෝදා රැයේ බඩගිනිවී තිබුණෙ මට ... කාටත් හොරෙන් පැමිණියේ වී මෝලකට ... මල්ලක් ඇතිය කියලා සිතුනා මෙමට ... කරදරයක් නොකොට මම ගියෙ වනයකට ...
වරදක් කලත් සිතකින් නොවෙයි මම් පොඩ්ඩක් කාල බඩගින්න නිවා ගන්න ඕන. එහෙම හිතන්න ඇති.
කොහොමත් මොලේ නැති උනත් වනසතුන් හරිම සාධාරණයි. ඒ අතරින් කකුල් හතරේ අලින් හරිම සාධාරණයි. එකට බලන්න එපැය කකුල් දෙකේ මීහරක් අලි ඔය හැමතැනම පාට පාට කැට ඉදිරියට ඇවිත් කියන කෙප්ප...
ඇත්තෙන්ම ඉස්සර සතුන්ට කන්න වෙන්කර තැබීමක් තිබුණා. මේ නිසා සතුන් ගේ ප්‍රචන්ඩත්වය අඩුවෙනවා. මිනිසුන්ට වගේ තන්හාවක් උන්ට නෑ. ඔය සතාට වෙන්කරපු එකටත් තව මිනිහෙක්ම ඇවිල්ලා හොරකං කලොත්ම තමා.
බලනකොට රනිල්ට වඩා හොඳ ගතිගුණ තියන්නේ මේ අලියාට....
හොඳ අලියෙක්. මහබැංකුවෙත් ඔක්කොම කන්නේ නැතුව ටිකක් ඉතුරු කලානේ දුප්පත් අපිට..