(රංජන් කස්තුරි)
වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස්වල හිඟයක් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.
ලාෆ්ස් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩර ප්‍රදේශ රැසකම තොග අවසන්වීම නිසා එම ගෑස් භාවිතයට ගන්නා පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සඳහන් කළේ සති දෙකක පමණ කාලයක සිට ලාෆ්ස් ගෑස් තොග නොලැබුණු බවයි.
මේ අතර ගෑස් මිල දින කීපයකදී ඉහළ යාහැකි බවට පැතිර යන ආරංචි හේතුවෙන් ඇතැම් වෙළෙඳුන් ගෑස් තොග සඟවා ඇති බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ඉතිහාසේ කිසිදාක නොවුණු විදිහට බඩුමිල ඉහළ ගිහින් ගෑසුත් වැඩිකරාවි.. මේවද අපේක්ෂා කරපු ජනතා සහන?
වෑගපිටිය මහත්තයාගේ තවත් දේශප්‍රේමී ව්‍යාපාරයක්... අවුලක් නෑ.. සර්ලා ජනාධිපති කරන්න කඩේ ගියපු ඒවට සලකන්නත් එපැයි...
කෝ මේවාට ආණ්ඩුව මැදිහත් වෙන්නැද්ද?