( +++ සුජිත් හේවා ජුලිගේ)
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කෙරුණු වෝහාරික විගණන වාර්තාව (Foencic Audit Report) මන්ත්‍රීවරුන්ට නිකුත් කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පස්වරුවේ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව නඩු කටයුත්තක් ක්‍රියාත්මක වන හෙයින් වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට බෙදා දීමෙන් ඒ නඩු කටයුතුවලට බාධා මතුවිය හැකි බවට නීතිපතිවරයාගේ මතය වී තිබෙන අතර නීතිපතිවරයාගේ මතය කතානායකවරයා විසින් ඉකුත්දා මැතිසබයට දැනුම් දෙනු ලැබීය.
වෝහාරික විගණන වාර්තාව තමන්ට දැකබලා ගැනීමේ අයිතියක් ඇති බවත් වාර්තා නොදීමෙන් තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන බවත් මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාට දිගින් දිගටම පැමිණිලි කළහ.
කතානායකවරයා මේ කාරණය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ ඉන්පසු සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීය.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කතානායකවරයාට ඉකුත්දා භාරදෙනු ලැබූ අතර ඒ වාර්තාව දැනට පවතින්නේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) බාරයේය.
කතානායකවරයා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ හිටපු සභාපති ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත් වීය.
2025 දෙසැම්බර් මස 04
197
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෝහාරික විගණන වාර්තා මන්ත්‍රීන්ට දෙනවාද නැද්ද? කතානායකගෙන් අද ප්‍රකාශයක්