IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


වූහාන් ගිය ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ජනපතිගේ ඇගයීමට

(ඩයනා උදයංගනී)

කොරෝනා වයිරසය පැතිරයාම නිසා වසා දැමුණු  චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සඳහා ජීවිත අවදානම ද නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇගයීමට ලක්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03)  ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට ද එක්වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් හා කාර්ය මණ්ඩලය මෙහිදී ජනාධිපතිවරයාගේ ප‍්‍රශංසාවට ලක්විය.

මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මවුබිම වෙනුවෙන්  කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පැවසීය.

මෙහිදී ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළ බව කී ජනාධිපතිවරයා ඔවුන් ගත් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් වූ බව ද සඳහන් කළේය.

ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්, ලොව ප‍්‍රධාන ගුවන් සමාගම් සමඟ සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට  පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (10)

වූහාන් ගිය ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ජනපතිගේ ඇගයීමට

රවින් Monday, 03 February 2020 01:17 PM

ජනතාව කෙසේවෙතත් සමහර දේශපාලුවොත් කරලා තියෙන්නෙත්, කරන්නෙත් පරිසරයට හානිවෙන වැඩ.. ගස් කපන, කැලේ කපන, වැලි ජාවාරම් වැඩ කරවන්නේ... කවුරුවත් නොවෙයි.

:       62       165

sirimal Monday, 03 February 2020 02:01 PM

එයා බස් වර්ගයේ ගුවන්යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් සමාගමේ සිදුවුණා කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ දවස්වල කෙරෙන ප්‍රචාරයන් " කොරෝනා වෛරසය පැතිරීයාම නිසා චීනයේ හිරවී සිටි ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමට අති විශිෂ්ඨ වීර ක්‍රියාවක් සිදුකළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඒ උදාර සේවාව යටපත් කිරීම සඳහා ජාත්‍යන්තර බලවේග ගන්නා කපටි උත්සාහයක් " කියලත් සමහර මාධ්‍ය සහ දේශපාලඥයින් කියන්න පටන් අරගෙන නේද? ලෝකයේ අනෙකුත් සියලුම රටවල ගුවන් සමාගම් එ් රටවල ජනතාව චීනයේ සිට ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කළ බව මේ සේරම හංගලා කතාකරන බවයි පෙනෙන්නේ... එ් රටවල ජනතාව ආපසු ගෙන්වා ගැනීමට ගුවන්යානා චීනයට ගෙනගිය කිසිකෙනෙකුට අපේ රටේ වගේ ප්‍රශංසා කරනවා... පුවත්පත් සාකච්ඡා තියනවා හෝ පිළිගැනීම් සංවිධානය කරනවා. අපි නම් දැක්කේ නැහැ. අනේ අනිච්චං. දැන් කට්ටිය කියයි "ඔන්න ඔන්න දේශ ද්‍රෝහියෙක් කතා කරනවා" කියලා...

:       406       292

sujeewa Monday, 03 February 2020 02:03 PM

ජනාධිපතිතුමනි, ඔබතුමා ප්‍රගතිශීලි, ජනතාවාදී, අවංකව ක්‍රියාකර ඇත. ඔබ, ජනාධිපති තනතුරට දායාද කළ නව සංස්කෘතියක් පමණක් නොව, එය ආදර්ශයක් ලෙස සලකා මුළුරටම වෙලාගත් භූමියක් බවට පත්වෙමින් පවතී. මොනම බාධකයක් පැමිණියත්, ඔබගේ ඒ අවංක ක්‍රියාවලිය නතර නොකරන්න. ඒ තුළින් ඔබ, අප රටේ ලීක්වාන් යූ, ෂි ජි පින්, පුටින්, චර්චිල්, ලින්කන්, ඩිගොල්, මැන්ඩෙලා, මහත්මා ගාන්ධි, ජින්නා, ශින්සු අබේ, මුන් ජේ ඉන්, හෙල්මුට් කෝල්, මැකෙන්සි කින් .......... වැනි චරිතවලින් මුහුම් වූ ඉතිහාස ගතවන චරිතයක් වනු ඇත.

:       2       401

subhaniMonday, 03 February 2020 06:03 PM

ඔබට අමතක වුණා.. එකතු කරන්න හිට්ලර්ගේ නමත්... හිරකාරයින්, ඉස්කෝලේ යන ළමයින්, තාජුදීන්, එක්නැලිගොඩ, අහිංසක දෙමල මිනිස්සුන්... ඒ අපරාධවලට... ඒ ක්‍රෙඩිට් එකත් දෙමු.

:       707       4

SujeewaMonday, 03 February 2020 06:46 PM

සුභානි මහත්මිය, පළමුව ඔබ මතක්කර බලන්න ඔබගේ මානසික ලෙඩට වෛද්‍යවරයා නියම කළ බෙහෙත් ගත්තාද කියලා. ඒවා අමතක නොකර ගන්න. නැත්නම්, ඔබටත් රටටත් ප්‍රශ්න රාශියකි. ඔයාගේ සජිත් බබාට ඕනෑලු සජිත්-ගෝඨා සුසංයෝගයක් ඇති කරන්න. එතකොටත් ගෝඨා, ඔබ කියනා හිට්ලර්ද? කන්න ගියාම කබරගොයාත්, තලගොයා වුනාලු නේද?

:       2       360

MDTuesday, 04 February 2020 02:17 AM

ඔබටත් අමතක වුණානේ මේ කට්ටිය... මහ බැංකු කොල්ල කෑවා. ෆුට් නෝට් කල්ලිය... පොත් ලියපු සුජීව. පාස්කු බෝම්බ කල්ලිය. රිෂාඩ්, අසාද් සාලි, මුජිබර්... ජෝන්ලා...

:       1       54

sugathTuesday, 04 February 2020 04:57 AM

ඔය කියන එකක්වත් ඔප්පු වුණාද? මෝඩ වුණාට ප්‍රදර්ශනය කරන්න එපා...

:       1       0

Nuwan Monday, 03 February 2020 02:06 PM

වෙල්ඩන් ටීම්... ජයවේවා...!!! 

:       21       71

විජිත් Monday, 03 February 2020 02:12 PM

සුබ පැතුම් මගෙනුත්.. රට වෙනුවෙන් ඔබ කළ ඒ පරම යුතුකම වෙනුවෙන්...!!!

:       0       92

kuru dubai Monday, 03 February 2020 02:35 PM

ගරු ජනාධිපතිතුමනි, කපිල වගේ අයවලුන්ට උපරිම දඬුවම් ලබාදෙන්න.

:       8       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site