(ඩී.ජී.සුගතපාල)
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයට පටහැනිව දෙපාර්තමේන්තුවට හානි දායකවන ලෙස වාහන ආදායම් බලපත්‍ර නිකුත් කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කොමසාරිස් කාර්යාලයේ සේවකයකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ මුදල් කව්ළුවේ සේවය කළ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් රසිකා උපේන්ද්‍ර ඉද්දමල්ගොඩ දිසානායක මහත්මිය විසින් ගාල්ල පොලිසිය වෙත කරන ලද් පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
කොමසාරිස්වරියගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ 2018 අගෝස්තු සිට 2019 සැප්තැම්බර් දක්වා වසරක කාල සීමාව තුළ සැකකරු මෙම වංචාව කර ඇති බවයි.
වෑන් රථයක හිමිකරුවකු ආදායම් බලපත්‍රය ලබා ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු පවසා ඇත්තේ පසුගිය වසරේ ආදායම් ඉදිරිපත් නොකර නිසා රුපියල් 5040 ක දඩ මුදලක් ගෙවිය යුතු බවයි. ඒ අනුව ඔහු එම මුදල ගෙවා ආදායම් බලපත්‍රය ලබාගෙන ඒ පිළිබඳව කොමසාරිස්වරියට ලිඛිතව දන්වා තිබේ.
සැකකරු අද (14) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
මේක සුලු දෙයක්. කොළඹ වේරහැරට ගිහින් බලන්න. නිලධාරීන් සල්ලි අරගෙන කරන දේවල්. සාමාන්‍යයෙන් බලපත්‍රය සඳහා අවශ්‍ය මුදල් ගෙවිය යුත්තේ අයකැමිටය. නමුත් මෙහි අයකැමි කවුන්ටර් කිහිපයක්ම තිබුනත් අයකැමිට මුදල් නොගෙවා නිලධාරීන්ගේ ලාච්චුවට මුදල් දී බලපත්‍ර මෙහිදී ලබා ගත හැකිය. මා මීට අවරුදු කිහිපයකට පෙර දුටු දෙය මෙසේ කියන්නෙමි.
හොරෙන් පොඩි පොඩි අල්ලස් දෙමින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම අපේ සිරිතක් වෙලා. මේවා දැන් සමාජයේ පැලපදියම් වෙලා අවසන්. මහජනතාවත් කල්පනා කරන්නේ අනවශ්‍ය රස්තියාදුවක් නැතිව ලේසියෙන් තමන්ගේ වැඩේ කර ගැනීම මිසක් නීති රීති කතා කිරීම නෙමේ. අලුතෙන් බලය ඉල්ලන ජනාධිපතිවරුන්ගෙන් මම ඉල්ලන්නේ රාජ්‍ය ආයතනවල මෙවැනි අල්ලස් ගැනීම වැලක්වීමට ක්‍රමවේදයක් සකසා මහජන සේවයේ විනිවිදභාවය රැකදෙන ලෙසයි.