IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


වූහාන්හි සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු බව චීන තානාපති කියයි

(නාලක සංජීව දහනායක)
 
නව කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ වුහාන් නගරය සිටින සියලූම ශ්‍රී ලංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂුවාන් මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දී ඇත.
 
කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීම සදහා චීන රජය මේ වනවිටත් පියවර ගෙන තිබෙන බවත් මේ වනවිට වසා දමාතිබෙන වූහාන් නගරයේ ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට ගෙනඒමට චීන රජය කටයුතු ක රමින් සිටින බවත් තනාපතිවරයා පවසා තිබේ.
 
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමග ඊයේ (30) රාත‍්‍රියේදී අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී චීන තානාපති චෙං ෂුවාන් මහතා මේ බව සදහන් කර ඇත.
 
වූහාන් නගරයේ වාසය කරන සිසුන්ගේ සහ එහි ජීවත්වන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට චීන රජය කඩිනමින් කටයුතු කරන බව පැවසූ චීන තානාපතිවරයා එම නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවද අගමැතිවරයා එහිදී අවධාරණය කළහ.   



අදහස් (0)

වූහාන්හි සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු බව චීන තානාපති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 49 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 345 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site