
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් නැවත විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියම කළේය.
එම අභියාචනා පෙත්සම් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබා තිබූ අතර එම විභාගයට ගනු ලැබූ පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන් නව විනිසුරු මඩුල්ලක් හමුවේ එය නැවත විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන නව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ලබන ඔක්තෝබර් 26 ,27 සහ නොවැම්බර් 2 නැවත විභාගයට ගැනීමට නියමිතය .
2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් දොම්පේ ප්‍රදේශයේ දී මරා දැමීමේ චෝදනා වලට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් පොලිස් නිලධාරීන් හතරදෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණීය දණ්ඩනය පනවනු ලැබුවේය.
තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම අභියාචන ඉදිරිපත් කර තිබේ.
COMMENTS
පොලිසියට හිටපු අතිදක්ෂ නිලධාරියෙක්... එතුමාගේ හෝ කාගේ හෝ වැරැද්දෙන් හෝ 2013 ඉඳන් තාම ඇතුලේ... නඩුව නම් තවත් ඇදෙන පාටයි. එළියේ හිටියා නම් දැන් පොලිස්පති.
මෙයාලාගේ වැඩ ගැන කට්ටියට දැනගන්න ඕනනම් ගමෙන් හොයලා බලන්න.