(ඩයනා උදයංගනී)
දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 7,529 කට අයත් 28,263 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ආපදා තත්වය හේතුවෙන් පුද්ගල මරණ 12 ක් වාර්තා වී ඇති අතර අවතැන් වූ පවුල් 470 කට අයත් 1,688 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානවල සහ ඥාති නිවෙස්වල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 6ක්, නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
පීඩාවට පත් පවුල් 113 කට අයත් 445 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 13 ක රඳවා සිටිනතර තවත් පවුල් 357 කට අයත් 1,243 දෙනෙක් ඥාති නිවෙස්වල රැඳී සිටින බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේය.
බදුල්ල, නුවරඑළිය, මාතලේ, මහනුවර, මුලතිව්, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල, කෑගල්ල, කිලිනොච්චිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇතැයි ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 3,501 කට අයත් 12,530 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
එම දිස්ත්‍රික්කවල නිවාස 13 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 802 කට අර්ධ හානි සිදුව තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වැස්සෙන් 28,000කට වැඩි පිරිසක් පීඩාවට