IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වැස්සෙන් උතුරේ පවුල් 200 ක් පීඩාවට

(රොමේෂ් මධුෂංඛ)                  

පවතින වැසි සහිත කාලගුණයෙන් බලපෑ වර්ෂාව හා සුළං තත්වයන් හේතුවෙන් උතුරු පළාතේ පවුල් 200 කට අයත් පුද්ගලයින් 629 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.

මේ අනුව වව්නියාව ,මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්ට මෙලෙස සුළං හා වර්ෂාව හේතුවෙන් බලපෑම එල්ල වී ඇති අතර පීඩාවන්ට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමට ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

අද (2) උදෑසන වන විට වර්ෂාව හා සුළං තත්වයන් හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ මන්නාරම් දිස්ත්‍රීක්කයේ වන අතර එහි පවුල් 113 කට අයත් පුද්ගලයින් 362 දෙනෙකුද , වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 55 කට අයත් පුද්ගලයින් 169 දෙනෙකු ද මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 32 කට අයත් පුද්ගලයින් 98 දෙනෙකු ද විපතට පත්ව ඇත.

මේ අතර සුළං හේතුවෙන් හානි වූ නිවාස 50 කට අධික ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන එම හානි පිළිබඳව වාර්තාවන් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටත් විපතට පත්වූවන්ට සහන සැලසීමට පියවර ගෙන ඇති බවට ද ප්‍රදේශ භාර ආපදා කළමනාකරණ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.



අදහස් (2)

වැස්සෙන් උතුරේ පවුල් 200 ක් පීඩාවට

විජේ Wednesday, 02 September 2020 07:18 AM

කෝ අර ලිංගම් ලොක්කා එහෙම?

:       0       1

Hafeel Wednesday, 02 September 2020 11:50 AM

ලිංගම් පමණක් නොවේ විජේ... විග්නේශ්වරන්, ගජේන්ද්‍ර කුමාරලා මේ මොහොතේ හැංගිලා. මෙවැනි ආපදාවලදී අපේ රණවිරුවන් තමයි ඉදිරිපත් වෙන්නෙත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 686 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site