IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විස්සට පක්ෂව ඇමැතිවරු 3 ක් ඇතුළු 7 කගෙන් අතරමැදි පෙත්සම්

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව අතරමැදි පෙත්සම් 7 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

මෙලෙස අතරමැදි පෙත්සම් ගොනු කරනු ලැබ ඇත්තේ ඇමැතිවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස් , නිමල් සිරිපාල ද සිල්වා සහ ගාමිණි ලොකුගේ යන ඇමැතිවරු එක් පෙත්සමක් ද, ඕමාරේ කස්සප, ඩබ්.ඒ.ඩී.ආර් වීරති, ටී.වී.අබේරත්න, මුදියන්සේලාගේ දයාරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් නීතීඥ සාගර කාරියවසම් නැමැත්තන් ය.

මෙම පනත් කෙටුම්පත පවතින ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට අනුකූල බවත්, එබැවින් එම කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කරගත හැකි බවට නියෝග කරන්නැයි ඉල්ලා මෙම අතරමැදි පෙත්සම් ගොනු කර ඇත.

මෙම අතරමැදි පෙත්සම් , විශේෂ පෙත්සම් සළකා බැලීමෙන් පසුව අධිකරණය හමුවේ කැදවේ.

ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ 11 ශ්‍රේෂ්ධිකරණයේ දී අද (29) පෙරවරු 10.30ට කැදවිණි.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

පෙත්සම කැදවූ අවස්ථාවේදී අගවිනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ සදහන් කර සිටියේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේවන විට විශේෂ පෙත්සම් 39 ක් ගොනු කර ඇති අතර , ඒ අනුව අද (29) , හෙට (30). සහ ඔක්තෝබර් 02 වැනිදා තෙක් මෙම පෙත්සම් විභාගය පවත්වා අවසන් කළ යුතු බැවින් එක් පෙත්සම්කරුවකුට විනාඩි 30 ක් ලබා දෙන බවත්ය.

ඉකුත් 22 වැනිදා සිට ඊයේ (28) දින දක්වා ගතවූ දින හය තුළ විවිධ දේශපාලනඥයින් , නීතීඥවරුන් ඇතුළු වෘත්තීයවේදීන් , විවිධ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පාර්ශව 39 ක් මෙම පෙත්සම් ගොනු කළ අතර අද අධිකරණය හමුවේ කැඳවනුයේ එම පෙත්සම් ය .

 



අදහස් (0)

විස්සට පක්ෂව ඇමැතිවරු 3 ක් ඇතුළු 7 කගෙන් අතරමැදි පෙත්සම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site