
( තිළිණි ද සිල්වා )
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත නීතියට පටහැනි බවත්, එය විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම්ක් ගොනු කළේය.
එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කර ඇත.
නීතිඥ නිලන්ති ද සිල්වා මහත්මිය මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික තිබෙන මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන ගණනාවක් කප්පාදුවීමක් සිදු වන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මාර්ගයෙන් හඳුන්වා දුන් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම, මැතිවරණ කොමිසම මගින් නිකුත් කරන නියෝගයක් උල්ලංඝනය කළ අවස්ථාවක අපරාධ නඩු පැවරීම සඳහා එම කොමිසමට ලබාදී තිබූ බලය කප්පාදු කිරීම සහ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල මෙන්ම රාජ්‍ය සමාගම් විගණනයන් ඉවත් කිරීම ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ බාධාව ඉවත් කිරීම යනාදී මහජනතාවට දැඩි ලෙස අගතිගාමි වන ප්‍රතිපාදන යෝජිත විසිවන සංශෝධන පනත් කෙටුම්පතෙහි අන්තර්ගතව තිබෙන බව පෙත්සම්කරු චෝදනා කරයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් අහෝසි කෙරුණු හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට තිබූ අවස්ථාව යෝජිත විසිවන සංශෝධනය තුළින් යළි හඳුන්වා දී ඇතැයි ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.
එමෙන්ම අල්ලස් කොමිසමට පැමිණිල්ලකින් තොරව අල්ලස් සිද්ධියක් විමර්ශන කිරීමටත් තිබෙන අවස්ථාව ද යෝජිත විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළින් අහෝසි කර ඇති බවත් විගණකාධිපති තනතුර සඳහා තේරීපත්වීමට තිබිය යුතු සුදුසුකම් ද ඒ තුළින් ඉවත්කර ඇති බව ද පෙත්සම්කරු සිය පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටී.
යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් වගන්ති ද උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ පසුව එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
2025 දෙසැම්බර් මස 18
88
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විස්සට එරෙහිව පෙත්සමක්