IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


වසර 24කට පසු කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක්

(ඩයනා උදයංගනී)

මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය හෙට (11) වැඩ භාරගැනීමට නියමිතය.

ඒ හෙට (11) විවෘත වන ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙසිනි.

මෙම පොලිස් ස්ථානය මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහත අතින් හෙට (11) පස්වරු 4.00ට විවෘත කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඇය එම ධූරයේ රාජකාරී භාරගනු ඇත.

කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට 1997 වසරේදී එක්වූ කාංචනා සමරකෝන් මහත්මිය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර ඇත.

කාංචනා සමරකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලීසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන අතර ඇය දෙදරු මවකි.
හෙම්මාතගම ප්‍රදේශයේ උපන් ඇය කෑගලු බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

  මීට පෙර කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක් පත්ව ඇත්තේ මීට වසර 24කට පෙර එනම් 1997 වසරේදී වන අතර ඒ යක්කලමුල්ල පොලිස් ස්ථානයේ කටයුතු කළ පද්මිණි මහත්මියයි.



අදහස් (7)

වසර 24කට පසු කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක්

Ruhunu Wednesday, 10 November 2021 08:31 PM

කාන්තාවන්ට බයක්, සැකක් නැතිව පොලිසියට යන්න පුළුවන්...

:       5       22

lal Thursday, 11 November 2021 11:01 AM

කාන්තාවක් වු පමණින් පක්ෂපාතිව කටයුතු නොකර සාධාරනව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. සමහර කාන්තාවන් අසරන පිරිමින්ද දරුවන්ට තම කාන්වතාකම සමාජයට පේන්වා වද දෙන බැවිනි .

:       0       2

GEM Thursday, 11 November 2021 11:49 AM

මෙය හොඳ ප්‍රවණතාවකි, මෙයින් සාර්ථකතත්වයක් ලැබේ යැයි අපට බලාපොරොත්තු විය හැක

:       0       2

karunaratna Thursday, 11 November 2021 12:49 PM

පොලිසියටත් අනෙකුත් සියලුම දෙනාටත් දෙනාටත් එක හා සමානව ක්‍රියාත්මක වන සමාජයක් ඇත් නම් පොලිස් ස්ථානාධිපති කව්ද ,පොලිස් පති කවුද යන්න මත එක එක්කෙනාට වෙනස්ව සැලකීමක් වෙන්නේ නැහැ .කවුද වරද කරන්නේ ,ඒ හැමටම හිමි විය යුතු දඬුවම් ලැබෙන බව හැම දෙනාටම දැනුනු දවසට අපේ සමාජය වඩාත් යහපත් වේවි

:       0       4

fairoos Thursday, 11 November 2021 03:50 PM

සුබපැතුම්...!!!

:       0       0

Anurasiri Jayawardana Saturday, 13 November 2021 05:11 AM

ඉතා අගේ කරමි. කාන්තාවක් රටක් පාලනය කළා නම්.. පොලිස් බල ප්‍රදේශයක් පාලනය කිරීම මනාලෙස ඉටුකරනු ඇත. තවද පොලිස්පති ධුරයටද කාන්තාවක් පත්වෙන්නේ නම් ඉතා සුදුසු බවට මා යෝජනා කරමි. ඇයට සුබ පතමි..

:       0       0

sampath Sunday, 14 November 2021 11:10 PM

අපි මොනතරම් ගල් යුගයකද ජිවත් වෙන්නේ මේවා මහා ලොකු දේවල් වෙන්නේ කොහොමද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site