(මනෝප‍්‍රිය ගුණසේකර)
නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණය මගහැර සිටීම සුළුවෙන් තැකිය නොහැකි බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පළකළ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල කරන්නාගොඩ මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිව්වැනි වරටත් අද (24) සිතාසි නිකුත් කළේය.
නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළ ත‍්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට සිතාසි බාර දීමට නොහැකිවීම සම්බන්ධයෙන් පොලිසිය ලැජ්ජාවට පත්විය යුතු බව ත‍්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අවධාරණය කළාය.
වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් සහ නාවික හමුදාපතිවරයා මාර්ගයෙන් වසන්ත කරන්නාගොඩ මහතාට තෙවැනි වරට සිතාසි නිකුත් කරනු ලැබුවත් ඔහු අද (24) දිනයේදීත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ගයෙන් මෙන්ම ලියාපදිංචි තෑපෑලෙන් ඔහුට සිතාසි බාරදීමට ත‍්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ රණවිරුවන්ටත් මෙයා නිගා කරනවා.
රණවිරුවා මොකද හැංඟෙන්නේ? අධිකරණයේ නඩුවක් තියෙන බව දන්නෙම නැතුව ඇති. මේකෙන්ම පේනවා වරදක් කරලා තියෙන බව...
සිතාසි ගෙනාපු කෙනා වෙන්න ඕන සිතාසියත් කිහිල්ලේ ගහගෙන හන්දියේ තැබරුම ළඟ උන්නේ. එ්ක කාට දුන්නද කවුද දන්නේ? කරන්නාගොඩට එක ලැබුණානම් එන්නේ නැතුව ඉන්න එකක් නැහැ.
වරෙන්තු එන තෙක් උසාවි නොගිහින් ඉන්න එක වගකීමක් සහ ගරුත්වයක් තිබෙන පුද්ගලයකුගේ ගති ගුණයක් නොවෙයි. ලැජ්ජා විය යුතු දෙයක්.
වෙන කෙනෙක් 4 පාරක් අධිකරණය මග හැරියානම් වරෙන්තු නිකුත් කරලා මෙලහකට අත් අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා.
රණවිරුවෝ කියලා වෙනම නීතියක් නෑ. නීතිය සැමට එක සමානයි. විනය සහ නීතියට ගරු කරන කෙනෙක්නම් ඉදිරිපත් විය යුතුයි.
මොනවා කලත් හිත දන්නවා ඇතිනේ තමන් නිවැරදිද කියලා. වරදක් කළ කෙනෙක් නම් හිතින් විඳින වදය සහ මේ වගේ අයට සහ පවුලේ අයට තිබෙන පසුතැවීමම තදබල දඬුවමක්. නිවැරදිනම් භය නැතිව ඉදිරිපත් වෙලා නිදහස් වෙන්න ඕනේ තමයි.
එහෙම බලනකොට ඇත්තටම යුද්දේ ඉවරකරන්න කොන්ද පන තිබිලා තියෙන්නෙ සරත් ෆොන්සේකා මහත්මයට විතරයි. ඒකනේ බය නැතුව හිර ගෙදරත් හිටියේ.
හොරයක් තිබෙන බව පෙනෙනවා.
නීතිය සැමට පොදුයි. නීතියට අවනතවන්න මහත්තයෙක් වගේ.