( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ලබන මැයි 21 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය.
එම අභියාචනා පෙත්සම් අද (12) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අතර ඒ අනුව අදාළ අභියාචනා මැයි මස 21 වැනි දා සිට විභාගයට ගන්නා බව පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේය.
2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් දොම්පේ ප්‍රදේශයේ දී මරා දැමීමේ චෝදනා වලට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය පනවනු ලැබුවේය.
තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම අභියාචන ඉදිරිපත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වාස්ගේ ඇපෑල මැයි 21 වැනි දා විභාගයට
nuwan Tuesday, 12 March 2019 10:26 AM
දක්ෂ පොලිස් නිලදාරියෙක් අද මෙහම හිටියට. මෙතුමාට සාධාරණය ඉෂ්ඨ වේවා.!
Hafeel Tuesday, 12 March 2019 04:32 PM
මෙහෙම ගියොත් රටට අධිකරණය අවශ්‍ය නැහැ. එතකොට අගතියට පත් පාර්ශවයට කොහොමද සාධාරණ ඉෂ්ධ වෙන්නේ?
Sandun Galage Tuesday, 12 March 2019 01:04 PM
මෙතුමාගෙන් ලොකු සේවයක් රටට සිදු වුනා. මෙතුමාට සාධාරණයක් ඉෂ්ට වේවා.
Nihal Tuesday, 12 March 2019 03:45 PM
මොනතරම් සේවය කරලා තිබුනත් මිනිස් ඝාතන කලානම් දඩුවම් ලැබිය යුතුයි. ලෝක ධර්මතාවය අනුව ගැලවීමක් නැත
හිච්චි මල්ලි Tuesday, 12 March 2019 04:57 PM
මෙතුමා කුරුණෑගල සේවය කල කාලයේ අපරාධ සෑහෙන්න අඩු වුනා. එතුමාට සාධාරණය ඉටු වේවා.