( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තු සැසිවාරය ලබන නොවැම්බර් 16 වැනි දා කල් තබමින් ජනාධිපති කළ විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම ලබන 27 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය.
එම පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන , ප්‍රියන්ත ජයවර්ධන හමුවේ කැදවූ අතර එහිදී මෙදිනට කල් තබන ලදී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
පාර්ලිමේන්තු සැසිය කල් ජනාධිපතිවරයා දුන් විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා මීට පෙර අධිකරණයට දැනුම් දි තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එ්ක කොහොමත් අහෝසිවෙලානේ තියෙන්නේ. මොකටද අයෙත් ලබන 27 වැනි දා තෙක් අායෙත් කල් තබන්නේ?
ඔන්න ඔය හින්දා තමා හිටපු ජනපති ජයවර්දන වරක් කියලා තිබුනේ මෙම ව්‍යවස්ථාව පරිස්සමින් භාවිත කළහැකි කෙනෙකුට පමණක් පිදීම සුදුසුයි කියලා
පව් නගහකන්ද මහත්තයා....