(රංජන් කස්තුරි)
විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මරු සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ලයිස්තුව මාස 9ක ප්‍රමාදයකින් පසුව ඉකුත් ජූලි මස 30 වැනි දා නිකුත් කළ නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි.
මාරුවීම් ලද විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් නව සේවා ස්ථානවලට ගොස් නැතැයි ද ඔහු පවසයි.
මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිඟන නිසා එහි ශළ්‍යකර්ම සිදු කිරීම සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි ද වෛද්‍ය සෙනාල් මහතා කියයි.
සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝග රෝහල් ප්‍රධානීන් නොපිළිගන්නා තත්ත්වයකට පත්ව තිබෙන බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුල් වුණු අමාත්‍යාංශයක්...
රෝහල් බලධාරීන් වන්නේත් වෛද්‍යවරුය. විෂයද වෛද්‍ය වරුන්ගේ මාරු වීම ගැනය. මහජනතාවට කියලා වැඩක් නෑ. අසරණ රෝගීන්ට උපරිමය කිරීමේ අදිටනින් මාරු වීම පටිපාටියක් හැදීම ඔබලාම කිරීමයි කල යුත්තේ.
ආණ්ඩුවත් හත් පොලේ ගාගෙන අවුල් ජාලාවක ඉන්නේ,.. අනික් දේවල් ගැන කවර කතාද?
GMOA එකට තරම් ප්‍රශ්න වෙන කිසිම වෘත්තියකට නැති පාටයි මාධ්‍යයෙන් දැනෙන්නේ. මාධ්‍යයට මෙතරම් එන්නේ වැඩ අඩු නිසාද? ඒගොල්ලන්ගේ ඒකාධිකාරයක් ලෙස පවතින නිසා පාලනය ගිලිහී ගිහිල්ලද?