(රංජන් කස්තුරි)
රටපුරා සියලු විශ්ව විද්‍යාල සහ රජයේ පාසල් ආරම්භ කිරීම මැයි මස 6 වැනි සඳුදා දින දක්වා කල්තැබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
රජයේ පාසල් හි දෙවන වාරය මේ මස 22 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර ආරක්ෂක හේතූන් නිසා එය මේ මස 29 වැනිදින දක්වා කල්තැබිණි.
එහෙත් මේ වනවිට රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත් නොවීම නිසා සියලු විශ්ව විද්‍යාල සහ පාසල් ආරම්භ කිරීම මැයි මස 6 වැනිදා දක්වා කල් දැමීමට අද (26) රැස්වූ ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරෙන් ආයෙත් බහීවි පාරට.... ජනතාව සතුටින් ඉන්න නිසා...