(නිමල කොඩිතුවක්කු)
ජනතා විරෝධි අරමුණු ඉටුකරගැනීම සඳහා විශ්වවිද්‍යාල පනතට අත නොතබන ලෙසත් ජනතාව දශක ගණනාවක් බුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය කප්පාදු කිරීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය හිතුවක්කාර ලෙස විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර හෝ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගැනීමට උත්සාහ කරන්නේ නම් විද්වත් මහා සංඝරත්නය, විශ්වවිද්‍යාල ප්‍රජාව, සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂ සහ මෙරට සමස්ත ජනතාව ඒකරාශී කරගනිමින් රජයේ එම උත්සාහය පරාජය කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවද විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"ජුලි මස 16 වන දින බෞද්ධ උපදේශන සභාව හමුවේ අදහස් දැක්වු ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතෙහි කොටස් සංශෝධනය කොට හෝ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගන්නා බවයි.
මෙවැනි ජනතා විරෝධි අරමුණු ඉටුකරගැනීම සඳහා විශ්වවිද්‍යාල පනතට අත නොතබන ලෙසත් ජනතාව දශක ගණනාවක් බුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය කප්පාදු කිරීමට කටයුතු නොකරන ලෙස‘ත් ජනාධිපතිතුමාට උදක්ම දන්වා සිටීමට අපි කැමැත්තෙමු.
එමෙන් ම විධිමත් සාකච්ඡාවකින් හා සම්මුතියකින් තොරව විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට යාමෙන් මෙරට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරි බවකට තල්ලු වී යා හැකි බව ද වගකිව යුතු විපක්ෂයක් වශයෙන් අප මතක් කර සිටිමු" යැයිද එහිසඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට හිඟන්නන් බෝකරගන්න බැරි වෙනවනේ.. ඔක්කොම නිකන් දෙන්න. එංගලන්තයට ගිහින් හොර ඩිප්ලෝමා ගහලා මෙතන නටනවා...
නිකං ඉන්න මහත්තයෝ..! කරන වැඩක් හරියට කරන්න. කාලයක් තිස්සේ කියන්නේ පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා... එහෙම දෙයකට පාර කපනවා මිසක් එදාවේල යැපෙන්නන් වෙන්න එපා..!
ඔක්කෝටම කළින් මෙන්න මේ ගුරුවරුන්ගේ ගැටළුවට විසඳුමක් දෙන්න ඉදිරිපත් වෙන්න. සද්ද නැතිව ඉන්න ඒවාට...
ඉතිහාසයේ නුදුටු විදියට ගුරු වෘත්තියට වෙච්චි අපහාසය මහජනතාව පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ශිෂ්‍ඨ සමාජයක මෙවැනි දේවල් නොවීය යුතුයි. ලංකාවේ දේශපාලකයින්ට විනාශ කරන්න බැරි වූ දේවල් 2ක් තියෙනවා. 01. නිදහස් අධ්‍යාපනය 02. නිදහස් සෞඛ්‍ය, "කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පණත" සම්මත වුණොත්, මෙතැනින් 01 ඉවරයි. විපක්ෂ නායකතුමා මෙයට මැදිහත් වීම අපි ඉතාම අගය කරනවා...
මොන විකාරයක්ද මේ? අනිවාර්යයෙන් මේ රටේ විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි පාසල් ක්‍රමය පවා ප්‍රතිසංස්කරණය කළ යුතුයි. කැම්පස් යන අය අනිවාර්යයෙන් කුමන හෝ රැකියාවක් කරලා යම් මුදලක් අනිවාර්යයෙන් ආණ්ඩුවට ගෙවිය යුතුයි . ඉංග්‍රීසි භාෂාවෙන් උගැන්වීම් කළ යුතුයි. වෙළෙඳ ව්‍යාපාර හා ජාත්‍යන්තර වෙළඳාම වගේ විෂයයන් පාසලේ සිට ලබා දිය යුතුයි. අත්‍යාවශ්‍ය කෙනෙකුට හැරෙන්නට කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොමිලේ ලබා නොදිය යුතුයි. විශ්ව විද්‍යාලය තුළ දේශපාලනය තහනම් කළ යුතුයි. එහෙම නැතුව මේ රට ගොඩගන්න බැහැ. ඒකට මේ දේශපාලකයින් කැමැති නැහැ. හිඟන මානසිකත්වයක් තියෙන ආණ්ඩුව රස්සා විතරක් නෙමෙයි මොනවාහරි නිකන් දෙනකම් බලන් ඉන්න ජාතියකට කවදාවත් ගොඩඒමක් නැහැ. මොවුන් මේ කරන්නේ ඒක..
ලංකාවේ හොඳම පාසලට ගිහිල්ලත් සා.පෙළ.. අසමත්. අට පාස් ඔබතුමා අධ්‍යාපනය ගැන ඉස්සෙල්ලාම ඉගෙන ගෙන එන්න. තප්පුලන්නේ නැතුව..
නිදහස් අධ්‍යාපනය පමණක් නොව අධ්‍යාපනයට නිදහසද තිබිය යුතුයි. උසස් තත්වයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයන් රට තුල තිබිය යුතුයි.
ඔන්ලයින් අධ්‍යාපන වර්ජනයට සජිත්ගේ සහාය..?
බොර දියේ මාළු බෑම...
සා.පෙළ. අසමත් කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.
විශ්ව විද්‍යාල පනත ගැන දැනුමක් නෑ, දැකලත් නෑ... ඒ වුණාට විශ්ව විද්‍යාල ක්‍රමය වෙනස් කරන්න කියලා යෝජනා කරනවා. මොකද අවුරුද්දෙන් වැඩි හරියක් ළමයි ඉන්නේ මහපාරෙ හින්දා. ජයවේවා..!!!
තමාට ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න ලකුණු නැති නිසා දෙමවුපියන්ට ඇති තරම් මුදල් තිබුණු පිනෙන් පිටරට විශ්වවිද්‍යාලයකින් උපාධි ගත්තා කියලා සජිත් කියන්නේ. එහෙම පිටරට ගිහින් පුද්ගලිකව මුදල් වියදම් කරලා උපාධි ගත්ත සජිත් ලංකාවේ විශ්ව විද්‍යාලවලට කෙලින්ම යන්න ලකුණු යන්තමින් මදි... ඒ වගේම පිටරට යන්න තරම් සල්ලි නැති අය ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවාට අකමැති මොකද?