( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ අධිපත්‍යයට අනුව පාර්ලිමේන්තුවේදී සම්මත වු විශ්වාසභංග යෝජනාව පිළිගන්නා ලෙස අමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් පහ කිරීම හා විශ්වාසභංග යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බවයි.
ප්‍රතිසන්ධාන හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපතිවරයා පොරොන්දුවිමෙන් පසු 2015 වසරේ සිට අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය වර්ධනය වූ බව සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන් පෙන්වා දෙයි.
ගත වූ සති කිහිය තුළ ඇති වූ සිද්ධීන් නීතියේ අධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අවධානමක් එල්ල වන බව ද ඔහු පවසයි.
අමෙරිකානු සෙනෙට් සභිකයා ප්‍රකාශ කරන්නේ එම තත්ත්වය දෙරට අතර ශක්තිමත් වෙමින් පවතින මිත්‍රත්වයට තර්ජනයක් බවයි.
එබැවින් මෙම තත්ත්වය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතියේ අධිපත්‍යය ආරක්ෂා කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමටත් පියවර ගන්නා ලෙස සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ලොකු අධිරාජ්‍ය විරෝධියෝ දැන් මෙතන අදහස් දායි පෝලිමට. ජාත්‍යන්තර බලපෑම් හෙලා දැකලා.
එජාපෙ, ටී ඒන් ඒ, මුස්ලිම් කොන්ග්‍රසය විතරක් නොවෙයි ඇමරිකාවත් බයයි මහින්ද බලයට එනවාට. භය නැත්තේ අපි විතරයි.
මෙතුමාගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලේම පරිදි ජනාධිපති තුමා ක්‍රියා කල උතුමය.
මේවා විහිලු කතා....
ජ් එල් පීරිස් පාර්ලිමේන්තුවේම එදා පිළිගත්තනේ වසර 4 1/2 යනකම් විසුරුව්න්න බැහැ කියල
දැක්ක නේද අපේ අය වැඩ කරන හැටි ?
එයත් දැන් අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්ද? කරන්නේ නම් නාඩගමක් තමයි මේ හැමෝම.. කවදා මේ විගඩම් ඉවරවෙලා ජනතා සේවය වේවිද දන්නේ නැහැ නේද? ඔය 225ම ගෙදර ගියොත් රටට සහනයක් වේවි...
ලංකාවේ දේශපාලය ගැනනම් කියන්නේ නෑ.......හැබැයි මෙතුමාගේ රටේ ජනාධිපති...... එහෙන් ට්‍රම්ප් මහත්තය පරිසර අමාත්‍යංශයෙන් දෙන කාලගුණික විපර්යාස වාර්තාව පිළිගන්නේ නැ.