තමන්ට අහිමිකළ විශ්‍රාම වැටුප යළිත් ලබා දෙන ලෙසත්, වැඩි කළ යුතු වැටුප් වැඩිකරන ලෙසත් ඉල්ලමින් දිවයින පුරා සිටින රජයේ විශ්‍රාමිකයෝ අද විරෝධතා සහ සත්‍යග්‍රහවල නිරතවූහ. එම අවස්ථාවල ඡායාරූප පහත දැක්වේ.



(ශාන්ත රත්නායක-කොටුව දුම්රිය පොළ ඉදිරිපිට)



(ප්‍රසන්න පත්මසිරි- ඌව පළාත් සභාව ඉදිරිපිට)



(පාලිත ආරියවංශ)



(අනීශා මානගේ - තංගල්ල)

(තිලකරත්න දිසානායක- ගම්පහ)


(ඩි.ජී සුගතපාල - ගාල්ල)


(ලලිත් චාමින්ද - ගාල්ල)


(ටී .එච් .සරත් -හේවාහැට)


(රවින්ද්‍ර විරාජ් අබයසිරි-මාතලේ)


(මොහොමඩ් ආසික්-මහනුවර)
COMMENTS
ගරු විශ්‍රාමික මහත්වරුනේ, මහත්මියනේ මම මුලින්ම කියන්නේ.. ඔබලාට නීතියෙන් ලැබියයුතු, ඔබලාට අයිති විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා අරගලයක් කිරීමට ඔබට ඇති " ශුද්ධවූ " අයිතියට හිසනමා ගරුකරමි. නිදහස ලබා අවුරුදු 71 ක් ඉක්ම ගියත් රට ගමන්කරන්නේ ආපස්සට මිස ඉදිරියට නොවනබව, රටේ ජනතාව මුලා කොට ඇති ,නිල් පාට හෝ කොළ පාට හෝ රතු පාට කන්නාඩි ගලවා බැලුවොත් මනාව පැහැදිලිවේවි. විශ්‍රාමික ඔබ, ඔබගේ තරුණ කාලය කැපකලේ මේ රටේ රාජ්‍ය සේවය සඳහායි. ඔබ ඉපයූ පටුපෙන් යම්කිසි මුදලක් ඔබගේ විශ්‍රාමික දිවියේ ප්‍රයෝජනයට ගැනීම සඳහායි ඔබ විශ්‍රාම වැටුපට දායක වුයේ. මේ මුදල් ඔබේ මුදල්. ඔබට ලැබිය යුතු මුදල්.
ඒක වැරදීමක් වෙලා තියෙන්නේ... සර් නිවැරැදි කරයි. අයියෝ සිරිසේන සහ නන්දසේන..
2016 දී රිය අන්තුරකට පත් වෙලා ඇවිදගන්ඩ බැරුව ගිය අයෙකුගෙත් විශ්‍රාම වැටුප් ගෙවීමත් නතර කළා.
රාජ්‍ය සේවයට මේ අය පැමිණි ආකාරය හා රාජ්‍ය සේවය සිදුකළ ආකාරය අනුව ප්‍රතිඵලය දැන්, ලැබී තිබෙනවා නොවේද? ඔය සිටින ඉරියව්වෙන්ම තමයි සේවය කළ ආයතන තුළත් ඉන්න ඇත්තේ... රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව වැඩි වුණු විට හුරේ දාන අඥාන ශ්‍රී ලාංකිකයින් දන්නේ නැහැ. ඔවුන්ට වැටුප් ගෙවිය යුත්තේ තමන් ගෙවන බදු මුදලින් බව... මේ රටට ආදරය කරන රජයක් කළ යුත්තේ, මේ දෙගුණයක් වන රජයේ ආයතන වල සේවය කරන රාජ්‍ය සේවකයින්ගෙන් හරි අඩක් එයින් ඉවත් කොට, ඔවුන්ව රටේ නිෂ්පාදනයට දායක වන වෘත්තීමය රැකියාවකට අනුයුක්ත කිරීමයි.
පව් මේ වැඩිහිටියන් කට්ට අව්වේ පාරට ගෙනාවේ කවුද? මේවා ප්‍රතිපත්ති තීරණ. තමන්ට හිමි දෙයක් ගන්න වැඩිහිටියන් මහපාරේ උද්ඝෝෂණ කරවන එකෙන් වෘත්තීය සමිති සහ දේශපාලකයින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔන්න අලුතින් යමක් ඉල්ලනවා නම් ඒක වෙනම කතාවක්...
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරියට වැඩ කරන්නේ නැහැ. මම ඉල්ලීමක් කරලා තියෙනවා 2006 සිට ඉදිරි වසරවල වැටුප් චක්‍රලේඛයක් සකස්කරලා දෙන්න කියලා..
හොඳ වෙලාවට ජිවිතේ තරුණ කාලේ ගෙවිලා යන්න කලින් ආර්ථිකය අතින් දියුණු හොඳ ජීවන රටාවක් තියෙන රටකට පැනගත්තේ.
පසුගිය එක්සත් ජාතික/ජේවීපී රජය විසින් 2016 දී විශ්‍රාම වැටුප නතර කර තිබුණි. දැන් ජේවීපී කාරයෝ ඊට විරෝධය පළ කරති. දේශපාලන විහිළුවකි.
විශ්‍රාම වැටුපට ගැහුවා, වැඩිහිටි පොලි වලට ගැහුවා, බෙහෙත් 25% පමන ගැහුවා, සහල් 20% පමන ගැහුවා, අනේ යන්තමින් දිවි ගෙවු අපි ??? අබ සරන තමා.
මේක දරුණු තීරණයක්...
එකම රටක්, එකම නීතියක් කතාවට විතරයි... ජනතාව හැමදාම රැවටෙයි.
සිරිසේනගේ සිංදු අහ අහා සිටියා මිසක් විශ්‍රාම නැවත්තලා කියලා දැනගත්තේ... නන්දසේනතුමා ආවටත් පස්සේ.. අර සමන්ත කියන එක්කෙනාට දැනුයි ඇහැරිලා තියෙන්නේ...
ඡන්දෙ ළඟනිසා යූනියන් වලින් මුට්ටිදාලා බලනවා වැඩ කරන කාලෙත් ස්ට්‍රයික්, විශ්‍රාම ගියාමත් ස්ට්‍රයික්..
අනේ රාජපක්ෂලාට කඩේ යන මාධ්‍යවලට දැන් මේ වගේ නිව්ස් හමුවෙන්නේම නෑනේ...
දක්වා ඇති අදහස් සියල්ලම කියෙව්වා. මෙයින් වැරදිම අදහසක් දක්වා ඇත්තේ විජිත් නැමති අයව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායකය, විශ්‍රාම වැටුප් දායකය ලෙසට වරදාගෙන අදහස් දැක්වීමයි. දැනට නම් මේ රටේ විශ්‍රාම වැටුප් ගේන්නේ වාර්ෂික අයවැය මගින් ඒකාබද්ධ අරමුදලෙනි. පසුගිය කාලයේ මෙම තත්වය වෙනස්කර දායකත්ව ක්‍රමයක් ඇතිකිරීමට රනිල් අගමැතිතුමා කටයුතු කළත් එහි ප්‍රතිලාභ ලැබීමට දැනට නම් කිසිවෙකු නැහැ. භද්‍රානි මහත්මියගේ අදහස නම් ටිකක් නිවැරදියි. මමත් විශ්‍රාමිකයෙක්... මම 1999 වර්ෂයේ සේවය කළ ආයතනයේ එකල 8 දෙනෙක් සිට තැන දැනට 48 දෙනෙක් පමණ සේවය කරනවා. කොහොම වුණත් මෙම වැටුප් නතරකර ඇත්තේ 2015ට පෙර විශ්‍රාමගත් අයගේත් ඉන්පසුව විශ්‍රාමගත් අයගේත් විශ්‍රාම වැටුප් සමාන කිරීමට කියලා කියා සමන්ත දේශපාලකට මතක් කරන්න වෙනවා.
භද්‍රානිට නම් හදවතක් නැති බව ඉතාම සහතික වුණා.. ඔබතුමිය කොහාටද මේ යන්න හදන්නේ.. අසරණ මිනිසුන්ටත් මෙහෙම බැන බැන ඉඳලා...?
ඔහෙලාට විශ්‍රාමික මුදල් වැඩි කරන්න වෙන්නේ රටේ ජනතාවට බදු ගහලා... බඩුමිල වැඩිකරලා අපි ඒකට කැමැති නැත. ඔහෙලා විශ්‍රාමික මුදල් වැඩිකරන්නලු... අපේ අර්ථ සාධක මුදල බැංකුවේ දමාගෙන ලබන පොලියත් මේ අය කපලා... අපිට තිබෙන අමාරුව කොහොමද අපි විසඳාගන්නේ..? අපිට පව් නොදී ගෙවල්වලට යන්න.