IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විශ්‍රාමිකයෝ පඩියෙන් කැපූ කොටසක් ඉල්ලා පාගමනක

(අතුල බණ්ඩාරදයාරත්න ඇබෝගම)

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු චක්‍රලේඛයක් මගින් අත්හිටවූ, පසුගිය ආණ්ඩුව මගින් 2016-2019 අතර කාලයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවන්ට 2020.01.01 සිට ගෙවීමට  කටයුතු කර තිබු විශ්‍රාම වැටුප වහාම ලබාදෙන්නැයි ඉල්ලමින් පාගමනක් හා උද්ඝෝෂණයක් අද  දහවල් අනුරාධපුර නගරයේදී පැවැත්විණි.

විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ අනුරාධපුර ශාඛාවේ මෙහෙයැවීමෙන් පැවැති මෙම පෙළපාලියට එක්වූ විශ්‍රාමිකයෝ  අනුරාධපුර නගරයේ ඩී .එස්.සේනානායක වටරවුම අසල සිට මහාවීදිය ඔස්සේ ඔරලෝසු කණුව වටරවුම දක්වා ගොස්, එතැනදී පැය භාගයකට වැඩි කාලයක් උද්ඝෝෂණයේ නිරතවූහ.

මේ පෙළපාලිය හා උද්ඝෝෂණය නිසා නගරයේ දැඩි වාහන තදබදයක්ද ඇතිවූ බැවින් වාහන හැසිරවීමට අනුරාධපුර පොලිසියටද මැදිහත්වීමට සිදුවිය.



අදහස් (4)

විශ්‍රාමිකයෝ පඩියෙන් කැපූ කොටසක් ඉල්ලා පාගමනක

ලලිත් ඵම් Monday, 26 July 2021 03:30 PM

අලි දෙන්නං කොටි දෙන්නම් කියලා බලය ගත්ත අයයි, ඒ පොරොන්දුවලට රැවටුණු අයයි දෙගොල්ලෝම දක්කන්න ඕන අංගොඩ රෝහලට කියලා පැහැදිලියි.

:       22       44

කල්පනා Monday, 26 July 2021 03:35 PM

2016 ට පෙර විශ්‍රාමික අයට ලැබෙන්නේ 2006 වර්ෂයේ පැවැති වැටුපට අදාල වැටුපක් වත්මන් අගමැතිතුමා..., ඔබලාගේ වැටුප් 2016ට පෙර අයටත් ගැලපෙන සේ සකසන බව කියලයි ප්‍රමාද කළේ.. අපිත් ඔය ඉල්ලීමට කැමති වුණත් රටේ තත්ත්වය අනුව ඉවසනවා.

:       60       76

DhammikaMonday, 26 July 2021 07:57 PM

රටේ තත්වයේ කිසි අවුලක් නැහැ... ඕන තරම් මුදල් තිබෙන බව ජොන්ස්ටන් ඇමැති පාරම් බෑවේ දැක්කේ නැද්ද? ඕනෑ තරම් ආධාර ලැබිලා තියෙනවා කොරෝනා නිසා ඒ ලෝකයෙන්ම... ඔබේ ඉල්ලීම සාධාරණ එකක් නම් ඉල්ලන්න.

:       0       1

සුනිල් සමරවික්‍රම Monday, 26 July 2021 06:14 PM

විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා නිකුත් කරන ලද නිල ලිපියක් මගින් සඳහන් කර ඇති ලිපියක් තුළ සටහන් කර තිබෙන මුදල බලයට පැමිණි රජයක ඇමතිවරු පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කපා හැරීම සඳහා අත් ඔසවා සහයෝගය දැක්වූ ඉතිහාසයේ පළමු වතාව මෙයයි. මෙම මුදල රුපියල් දසදහසේ සිට විසිපන්දාහ දක්වා වෙයි. මෙම තත්වයට හේතුව වන්නේ මෙහි සත්‍ය දන්නේ ගොදුරු වූ අසරණ වැඩිහිටියන් පමණක් වීමයි.. හැමදේම අල්ලාගෙන කෑ ගහන විපක්ෂය පවා මේ සඳහා අවශ්‍ය නිසි බලපෑම් සිදුකර නැත. මේ සඳහා අවශ්‍ය නිසි බලපෑම් සිදුකරන ජනමාධ්‍යයට අසරණ විශ්‍රාමිකයින්ගේ ප්‍රණාමය පුදකරමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site