(රංජන් කස්තුරි)
විශ්‍රාමිකයින් පිරිසකට මේ මාසයේ වැඩිකළ වැටුප නොලැබී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතැම් නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාවය නිසා යැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් යම් විශ්‍රාමිකයෙකුට මේ මාසයේදී විශ්‍රාමවැටුප් වැඩිකළ කොටස නොලැබූණේ නම් ලබන මාසයේදී හිඟමුදලක් සමඟ ඒවා ලබාගත හැකි බවද එම අමාත්‍යාංශය පවසයි.
විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත්කිරීම හා විශ්‍රාම වැටුප් වැඩිවන ආකාරය සඳහන් චක්‍රලේඛන හා උපදෙස් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් කල්වෙලා ඇතිව නිකුත් කළද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතැම් නිලධාරීන් ඒවා ගණනය කිරීම ප්‍රමාදකර තිබෙන බවද පැවැසේ.
COMMENTS
හැබැයි ඒ ගොල්ලෝ විශ්‍රාම ගිය දවසට පහුවෙනිදා ඉඳලාම විශ්‍රාම වැටුප හදලා ඉල්ලයි. නැතිනම් එවිට සේවය කරන අයට දෙස්දෙවොල් තියයි.. තමන්ටත් එම අවස්ථාව උදාවනබව ඒ ගොල්ලෝ හිතන්නේ නැහැ. අඩුම ගානේ විශ්‍රාමිකයින් තමන්ගේ දෙමව්පියෝ හෝ නෑදෑ හිතවතුන් යයි සිතාවත් කටයුතු කළ හැකි නම්?
ඒ කට්ටිය හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන් පෙන්ෂන් යන්නේ නැහැ කියලනේ... එදාට තේරෙයි.
වැඩි කළ එක තියා තිබිච්ච් එකත් නොගෙවන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවක් දැන් තියෙන්නේ. මුදල් අමාත්‍යාංශය කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නේ අකාර්යක්ෂම නිලධාරීන් ඉන්නේ කියලනේ, කාර්යක්ෂම නිලධාරීන් ඉන්නේ මොන රාජ්‍ය ආයතනේද කියලා දැන ගන්න කැමතියි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කියන්නේ ජරා වලක්. එතැනින් වැඩක් කරගන්න කවදා පුළුවන් වෙයිද කියලා හිතන්නවත් බැහැ. විශ්‍රාමිකයෙක් කරන විමසීමකට පිළිතුරක්වත් නොඑවන තැනකින් තව මොනවා බලාපොරොත්තු වෙන්නද? දිනපතා එතෙන්න එන ජනතාව කොපමණද? කියලා එතෙන්න ගිය කෙනෙකුයි දන්නේ.... එතන වැඩ කරන අය හිතන්නේ ඔවුන් කවදාවත් විශ්‍රාම යන්නේ නැහැ කියලයි. විශ්‍රාම වැටුප ලැබූ, එය නොලැබෙන අය කොපමණ නම් ඉන්නවද?
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනුව විශ්‍රාමිකයාගේ වැටුප් විෂමතා සැකසීම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් කොම්පියුටර් වැඩසටහනක් හරහා කළයුතුවේ. එම වැඩසටහනට විශ්‍රාම වැටුප්ව විෂමතා ලැබීමට සුදුසු විශ්‍රාමිකයන්ගේ දත්ත ඇතුළත්කොට අලුත් වැටුප ගණනය කළයුතුව තිබේ. මෙය මාණ්ඩලික නිලධාරියකු විසින් තවත් කොම්පියුටර් වැඩසටහනක් මගින් නිවැරදිව තහවුරු කිරීමෙන් පසු නව විශ්‍රාම වැටුප ගෙවීමට අනුමැතිය හිමිවේ. මෙය කල්ගතවන වැඩකි.
මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශය නිවැරදි නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලටත් වඩා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නවක නිලධාරිනියන් කටයුතු කරන්නේ ඉතාම පහත් ආකාරයට මෙන්ම ඉතාම අකාර්යක්ෂමවයි. මමත් විශ්‍රාමිකයෙක්. විශ්‍රාම වැටුප් පළමුවෙන් පරිඝණක ගත කළ 1987දී පමණ විශාල වැඩ කොටසක් කළ අයෙක්. දිනක් මම බිරිඳට දෙපාර්තමේන්තුවෙන් සිදුකළ වරදක් නිවැරදි කර ගැනීමට ගිය අවස්ථාවේ බිම්මහලේ පිළිගැනීමට සිටි කාන්තාවක් විශාල පිරිසක් ඉදිරියේ මගේ වයසවත් නොබලා බැනවැදුනේ ඒකාබද්ධ සේවයෙන් බැහැරව දෙපාර්තමේන්තුගත තනතුරු ඇතිකළ නිසා යයි සිතුණා. පෙර කාලයේ විශ්‍රාම වැටුප් වැඩකළ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ බඳවාගත් ලිපිකරු/ කාරියන් සිටියදී මෙහෙම වුනේ නැහැ. දෙවනුව කියන්න ඕනෑ 2015දී විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමේදී දැනට විශ්‍රාම ලබාසිටින පළපුරුදු අයගෙන්ද... සේවය ලබා ගත්තත් මෙවර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එසේ සේවය ගැනීමද නතරකර තිබීම ප්‍රමාදයට තවත් හේතුවක්...
ඉතාමත් කණගාටුදායක තත්වයක්. මේ රට හරියන රටක් නොවේ. ඔබලාගේ ඥාති මුසල්මානුවන් රට බාර ගත් පසු ඔබලාගේ තිබෙන්නා වූ අකාර්යක්ෂමතාවය නිසා අපත් විනාශ වනු ඇත.
හැම රාජ්‍ය ආයතනයකම වැඩ මෙහෙම්ම තමා. පුද්ගලික අංශ වගේ කාර්යක්ෂම නෑ. ඒ වගේම දූෂිතයි. බොරුව හා හොරකම රජකරමින් මහජනතාව අන්ත අසරණ කරලා. ඒ වුණාට ස්ට්‍රයික් කර කර පඩි වැඩිකරගන්නවා.