(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)
සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් ගායන විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාට අද (05) පිරිනමනලදී.
තමන්ට විවිධ ක්‍ෂේත්‍රවලින් සම්මාන ලැබුණද, තමන් ඉපදුන කෑගල්ල, හෙට්ටිමුල්ල ගම්මානය පිහිටි සබරගමු පළාතේ එකම විශ්වවිද්‍යාලය වූ සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ලැබුණු මේ සම්මානය පිළිබඳව ඇත්තේ අමුතු ආඩම්බර හැඟීමක් බව එය පිළිගනිමින් විශාරද එඞ්වඞ් ජයකොඩි මහතා පැවසීය.
සබරගමු විශ්ව විද්‍යාලයට වසර 23ක් පිරීම නිමිත්තෙන් බළන්ගොඩ, බෙලිහුල්ඔය සබරගමු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එඩ්වර්ඩ් ජයකොඩි ප්‍රසිද්ධ ගායිකාවන් විශාල ප්‍රමාණයක් සමග යුග ගී ගැයිය යුතුව තිබුනා. එසේ වී නම් අපමණ රසයක් අපට විඳින්න තිබුනා. කුමක් හෝ අහේතුවකට ඔහුට එය කරන්න බැරි වුනා.