IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැවේ පිටවාන කඩන්නයි නාගරික මන්ත්‍රීගේ කනට ගහලා

(එච්. චන්දන)
 
පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රී  එම්. එච්. එම් රශ්මි ( ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් )  මහතාට පුද්ගලයකු පහර දීමට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් අද(08) උදෑසන පුත්තලම නගර සභා කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
 
පුත්තලම නගර සභාවේ නගරාධිපති  කේ.ඒ.බායිස් මහාතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු සහ සේවකයෝ  මෙම විරෝධතාවයට එක්වී සිටියහ.
 
'අපේ සේවකයින්ටත් හැම දාම මේ පුද්ගලයා කරදර කරනවා තර්ජනය කරනවා , මගේ වසමේ නගර සභා සීමාවේ ඇති නෙඩුම්කුලම වැවේ පිටවාන කඩන්ට කියලා පුද්ගලයෙක් ඉල්ලීමක් කලා, එයාගේ ගෙදරට යන පාර යටවෙලා කියලා. මම ඒ විස්තරය අහලා යන්න ගියා. පිටු පසින් ඇවිල්ලා මිනිහා මට කනට ගැහුවා. මේ පුද්ගලයා දින දෙකක් හැංගිලා ඉදලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා කියනවා . හැබැයි අපිට අපේ සේවකයින්ට ගැටළුවක් නැතිව සේවය කරන්න අවස්ථාව ඔනේ. එක  එක්කෙනාට හිතු මතේට සංවර්ධන වැඩ කරන්න බෑ' යි පහර කෑ පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රී  එම්. එච්. එම් රශ්මි මහතා පැවසීය.
 
පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ.බායිස් මහතා මෙසේ කීය.'මේ පුද්ගලයා උසාවිය ඉදිරිපත් කරලා නිසි දඩුවම් දෙන්න ඕනේ. අපේ මන්ත්‍රීන්ට , නිලධාරීන්ට , සේවකයින්ට නිවැරදිව වැඩ කරන්න අවස්ථාව ඕනේ. අපි වැරැද්දක් කරනවා නම් එය ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන්  පැමිණිලි කරන්න පුළුවන්. කාටවත් පහර දෙන්න ගහන්න අයිතියක් නෑ. අපි සියළු දෙනාම එකට එතු වෙලා මේ කරන්නේ මෙයට සාධාරණයක් ඉටු කරණ ලෙසයි'

 



අදහස් (2)

වැවේ පිටවාන කඩන්නයි නාගරික මන්ත්‍රීගේ කනට ගහලා

beau Tuesday, 08 December 2020 07:24 AM

කාගෙ පින්තූරයද උඩ තියෙන්නේ.... මහ රැවුලක් වවාගෙන ඉන්න විදිහට මට පේන්නේ ත්‍රස්තයෙක් වගේ....

:       10       7

KasunWednesday, 09 December 2020 04:20 AM

අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝත් රැවුල වවාගෙන තමයි හිටියේ. අපේ හිටපු අගමැති කෙනෙක් වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයාව මැරුවේ සිවුරු දාගත්තු කෙනෙක්.. ඒ නිසා ඔයාට අපේ ස්වාමීන් වහන්සේලා එහෙම ත්‍රස්තවාදියෙක් වගේ පේන්න බැරි නැහැ. ඕක මානසික ලෙඩක්. රැවුලක් දැක්කාම බයවෙන. දොස්තර කෙනෙක් හම්බවෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site