(නිමන්ති රණසිංහ සහ සිතුම් චතුරංග)
වව්නියාව තානායමේ කළමණාකරුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බ්ධයෙන් වව්නියාව නගරා සභා සභාපති අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
වව්නියාව පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව නගරාධිපති රාසලිංගම් ගෞතමන් මහතා ය.
සැකකාර නගරාධිපතිවරයා තානායමේ සේවය කරන ලද තවත් සේවකයන් දෙදෙනකුට ද පහර දෙනු ලැබ ඇති අතර මේ සම්බන්ධයෙන් වන පැමිණීල්ලකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
COMMENTS
අත්අඩංගුවට ගන්නවාට වඩා ඉක්මණට නිදහස් කරනවා. අපිට තේරෙන්නේ නැහැ මේ නීතිය..සල්ලි කාරයින්ට එකක්, දුප්පත් මිනිහට තව එකක්. කෝ එක රටක්.. එක නීතියක්...?