(ඩී.ජී.සුගතපාල)
ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ මොහොමඩ් නියාස් යන දෙදෙනාට ලබාදීම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් රැගෙනවිත් බන්ධනාගාරය අසල රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරු අප්‍රේල් 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (29) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ බලපිටිය දුම්රිය පොල පාර පදිංචි පෙට්ටගම අසිත නිමන්තද සිල්වා නමැති සැකකරුවෙකි.
ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ මොහාමඩ් නියාස් යන රැඳවියන් දෙදෙනොට ලබාදීම සඳහා රැපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් රැගෙන විත් බූස්ස බන්ධනාගාරය අසල සිටියදී විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඉකුත් 26 වැනි දින සවස අත්අඩංගුවට ගෙන රත්ගම පොලිසියට බාරදි ඇත.
එ අනුව පසුදින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රත්ගම පොලිසිය කරන ලද ඉල්ලිම් සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු දින තුනක් රැඳවුම් බාරයේ තබාගෙන වැඩිදුර විමර්ශන පවත්වා අද (29) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය 27 වන දින රත්ගම පොලිසියට නියෝග කළේය.
ඒ අනුව අද සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් මෙම මුදල් සැකකරුට ලැබුණ ආකාරය පිළිබඳව ඔහු විසින් කරනු ලබන ප්‍රකාශ පරස්පර බැවින් තව දුරටත් විමර්ශන කිරිමට තිබෙන නිසාත් දුරකථන වාර්තා ලබා ගැනිමට තිබෙන නිසාත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙලේ සුදාට සල්ලි ගෙනා සැකකරු රිමාන්ඩ්