IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’වෙලේ සුදා’ගේ සමීපතමයකු ඇතුළු තිදෙනෙකු දැලේ

 

(ජේ.කේ.එල්. චාමින්ද  සහ ප්‍රේමතිලකද සිල්වා)
 
බන්ධනාගාර ගතව සිටින, සංවිධානාත්මක පාතාල කල්ලි නායකයකු වු 'වෙලේ සුදා' සමග සමීප සම්බන්ධතා පැවැත්වු  සැකකරුවකු හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු  ඉමදුව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලිසිය පවසයි.
 
සැකකරු සමග සිටි අනික් සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්  කොහුවල නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
 
අත්අඩංගුවට ගත් ප්‍රධාන  සැකකරු ත්‍රිරෝද රථ රියදුරකු වන අතර 'පහලින් කනත්ත චුටි' යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන අයකු බවද පොලිසිය පවසයි. 47හැවිරිදි වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල්37,500ක මුදලක්, ජංගම දුරකතන 4ක්, බැංකු ගිණුමට අදාල පාස්පොතක්  පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරුගේ බැංකු ගිණුම පිළිබද පරීක්ෂාවේ 2019 වර්ෂයේ සිටි 2020 ජනවාරි මාසය දක්වා රුපියල් ලක්ෂ 20කට වඩා වැඩිමුදල් ප්‍රමාණයක්  සංසරණය වී ඇති බව අනාවරණය වු බවද පොලිසිය පවසයි.
 
ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ද සොයාගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දි  ඔහු   වෙලේ සුදා යනඅයගේ බිරිදගේ  වැඩිමහල්  සහෝදරිය සමග මීට පෙර විවාහ වී  ඇති අතර දරුවන්ද සිටින බව පොලිසිය පවසයි. පසුව සැකකරු විසින් එම විවාහයෙන් වෙන්ව වෙනත් විවාහයක් කරගෙන ඇති බව විමර්ශනවලදි අනාවරණය වී ඇත. එමෙන්ම දැනට බන්ධනාගාරතව සිටින  වෙලේ සුදා යන අයට  බන්ධනාගාරයට අවශ්‍ය පහසුකම් සැපයීමට මෙම සැකකරු කටයුතු කරඇති බව පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු විසින් අසාමාන්‍ය ලෙස මුදල් පරිහරණය කරණ බවට පොලිසියට තොරතුරු ලැබි ඇති බවද  පරනක්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා හා දුරකථන වාර්තා අධිකරණ නියෝගයක් මගින් ලබාගෙන  ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවද පොලිසිය පවසයි.



අදහස් (0)

’වෙලේ සුදා’ගේ සමීපතමයකු ඇතුළු තිදෙනෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site