( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමා මරණ දඬුවමින් නිදහස් කරන මෙන් ඉල්ලා ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිබඳ කරුණු තහවුරු කිරීම ලබන පෙබරවාරි 07 සහ 15 යන දෙදින සිදු කිරීමට අභියාචනාධිකරණය අද ( 31) තීන්දු කළේය.
මෙම පෙත්සම දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදී පෙත්සම මෙදිනට කල් තැබිණි.
2012 වසරේ දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදා නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරිණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව එම චෝදනාවලට වරදකරු කෙරුණු වෙලේ සුදාට කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය පනවනු ලැබිණි.
එම මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතිවිරෝධී බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.
වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.