
හිරාන් ප්‍රියංකර ජයසිංහ
වැලි ජාවාරම්කරුවකු පසුපස හඹා යමින් සිටි වන සංරක්ෂණ නිලධාරියකුට වන ඇතෙකුගේ පහරදීමෙන් තුවාල ලබා ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
මෙසේ පහරදීමට ලක්ව ඇත්තේ වන්නියාගම රක්ෂීතයේ බිට්ටු වන නිලධාරියා වන ජේ .ජේරම්සන් නැමැත්තෙකි.
වනඇතාගේ පහරදීමට ලක්වූ වන සංරක්ෂණ නිලධාරියා ඔහුගේ සහායක නිළධාරියා සමඟ යතුරුපැදි දෙකකින් වන්නියාම රක්ෂිතයේ සිදුකරන වැලි ජාවාරමක් සොයා බැලීමට ගමන් කරමින් සිටියදී මෙලෙස පහරදීමට ලක්ව තිබේ.
බිට්ටු වන නිලධාරියා පොලිසියට පවසා ඇත්තේ රක්ෂිතය තුළට ගමන් කරමින් සිටි වැලි ජාවාරම්කරුවකු පසුපස ගමන් කරමින් සිටියදී එකවර ඇතා ඉදිරියට කඩා වැදිමත් සමඟ යතුරුපැදිය පෙරැළී මෙලෙස පහරදීමට ලක්ව ඇත.
කෙසේ නමුත් ඉදිරියෙන් ගමන් ගත් තම නිලධාරියා ඇතා දැකිමත් සමඟ යතුරු පැදියෙන් වැටීමෙන් සිදුවූ බවද තමන් යතුරුපැදිය නවතා ගෙන රැදී සිටි බවත් ඇතා වැටී සිටි නිලධාරියා පගා දැමීමට උත්සහ කිරිමේදී තමන්ගේ කෑගැසිමත් සමඟ කුලප්පු වී ඉවතට දිව ගිය බව අනෙක් නිළධාරියා පොලිසියට පවසා තිබේ .
කෙසේ නමුත් බිට්ටු වන නිළධාරියාගේ ජීවිතය නුලෙන් බේරි ඇති අතර සිද්ධිය සැලවිමත් සමඟ පුත්තලම වන සංරක්ෂණ නිළධාරින් කඩිනමින් වන්නියාගම රක්ෂිතයට ගොස් ඇවිදිමට නොහැකිව සිටි බිට්ටු වන නිළධාරියා කඩිනමින් පුත්තලම මුලික රෝහලට රැගෙන එමට කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත් ඇතාගේ සුළු පහරක් වැදිමෙන් බිට්ටු වන නිලධාරියාගේ සිරුරු අභ්‍යන්තරයේ තැලීම් සිදු වී ඇති බව පුත්තලම රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
සිද්ධියෙන් පසු අදාළ ස්ථානයට කරුවලගස්වැව වනජීවි නිලධාරින් ද ගොස් තිබූ අතර ඔවුන් පවසා සිටියේ මෙම වන ඇතා මද කිපි රක්ෂිතය තුළ සැරිසරමින් සිටින බව තමන් නිරික්ෂණය කළ බවයි.
සිද්ධියෙන් පසුව වන නිළධාරින් හඹා ගිය වැලි ජාවාරම්කරු ද තමන්ට ද ඇතාගේ පහර දුන් බවට පවසා පුත්තලම මුලික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
36
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැලි ජාවාරම්කරු හඹා ගිය නිලධාරියාට ඇතෙක් ගහලා
chandima Sunday, 07 February 2021 08:50 PM
කරුමේ කියන්නේ මේ හස්ති රාජයාට අර වැලි ජාවාරම් කාරයා මුණගැහුණේ නැහැනේ...