
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල උණවටුන ඓතිහාසික වැල්ලෙ දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය මෙවර නොපැවැත්විමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය .
ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලෙ දේවාල විහාරාධිපති ශාස්ත්‍රපති තල්පෙ අරියජෝති හිමි ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ හා වැල්ලෙ දේවාල දායක සභාවේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය .
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව චාරිත්‍රානුකූල වත් පිළිවෙත් පමණක් සිදු කිරීම සුදුසු බවට සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මත මෙම තීරණයට එළඹ තිබේ.
විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වන මෙම ඇසළ උත්සවය මෙවර ජන සහභාගීත්වයෙන් තොරව චාරිත්‍රානුකූලව සිරිත් පරිදි පුද පුජා විධි පමණක් පැවැත්වෙන බවත් බාහිර පුද්ගලයින්ට මෙයට සම්බන්ධ විමට ඉඩක් නැති බවත් ඒ සදහා සුවිශේෂ ආරක්ෂක විධිවිධාන යොදන බවත් දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ල දේවාලයේ ඇසළ උත්සවය නොපැවැත්වෙයි