(මනෝප‍්‍රිය ගුණසේකර)
කෙසෙල්වත්ත වේල්ලවීදිය ප‍්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව ‘රයිනා’ ලෙස හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පාතාල කල්ලි දෙකක් අතර කාලයක පටන් පවතින ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුළැයි කියන කොළඹ 12 සුරියමල්පුර පදිංචි 24 හැවරිදි චරිඳු චලේක සංකල්ප හෙවත් ‘රයිනා’ නමැත්තා මේ වන විට ඩුබායි පොලිසියේ රඳවාගෙන සිටින බව කියන ‘කෙසෙල්වත්තේ දිනුක’ නමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයකු බවද පොලිසිය හෙළි කරගෙන ඇත.
කෙසෙල්වත්ත වේල්ලවීදිය ප‍්‍රදේශයේ මහා මාර්ගයේ ගමන් කරමින් සිටි 28 හැවරිදි තරුණයකු ඉලක්ක කොට පසුගිය 17 වැනිදා මෙම සැකකරු තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පැමිණ වෙඩි ප‍්‍රහාරක් එල්ල කොට තිබිණි.
එම සිද්ධියට අදාළව පරීක්‍ෂණ අතරතුරදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් කොළඹ 12 සුරියමල්පුර පිහිටි සැකකරුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී කඩුවක් සහ හෙරොයින් මත්කුඩු සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කෝලි, දෝනි
පුදුම නම්නේ මේ අයට තියෙන්නේ. දැන් තියෙන්නේ අසාමාන්‍ය නම් තියෙන අය සියල්ලන් ගැන හොයා බලන එක.
ආයුධ සහ මත්කුඩු සඟවා ඇති තැන් පෙන්වන්න එක්කරගෙන ගියොත් තමා හොඳ.