
(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයංගනී)
කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියේ කඩපිලකට ගෙනැවිත් දමා සිටි වයෝවෘද්ධ යුවලට කොවිඩ් ආසාදනය වී ඇති බව සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණවලදී තහවුරු විණි යැයි වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සරත් මල්ලවආරච්චි මහතා පවසයි.
ඉතා අසරණ තත්වයේ සිටි මෙම වයෝවෘද්ධ යුවල සමාජ සේවා දෙපාර්තමේන්තුවට භාරදීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණයක් කළ යුතු බවට වැල්ලම්පිටිය පොලීසියෙන් කළ දැනුම්දීමක් මත ඔවුන් දෙදෙනාට පී.සී.ආර් පරීක්‍ෂණයක් සිදුකළ බවත්, එහි ප්‍රතිඵල අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වූ බවත් ඔහු සඳහන් කරයි.
මෙම යුවල රාත්‍රී කාලයේදී මෙහි ගෙනැවිත් දමා ඇති බවත්, ඔවුන් කතා කරගැනීමට ද නොහැකි තරම් දුර්වල බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියයි.
මෙම දෙදෙනාට අවට ජනතාව විසින් ආහාර පාන පවා ලබා දී ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් ද සොයා බලා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් සරත් මල්ලවආරච්චි මහතා කීවේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පව්කාර මිනිස්සු... හෙන ගහන වැඩ.
අපේ රටේ ඉන්න බහුතර හැතිකරේ දෙමව්පියන්ගේ දේපල හරි මොනවා හරි තියෙනවා නම් ඒවා ලියවාගෙන දෙමව්පියන්ව වයසට යනකොට පාරට ගිහින් දානවා. මුන්ට හිතක් පපුවක් නැද්ද?. මොනවද ඉගෙන ගෙන තියෙන්නේ...? මේ අපේ රටේ පාසලේ ඉඳලා උගන්වන්න ඕන මනුෂ්‍යයෙක් විදියට ඉපදුණා නම් ස්වශක්තියෙන් නැගී සිටීමට. අනුන්ගේ දේවලට බලා ඉන්නේ නැතුව.
මේ ගෙනත්දාපු කෙනාගේ නම, ගම, ඡායාරූපය පුවත්පතින් හෙළිකළොත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. !!!
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.
මේ දෙමාපියන් තම දරුවන් කවුදැයි හෙළිදරව් කළේ නැහැලු. දෙමාපිය සෙනෙහස පිළිබඳ තවත් අටුවා, ටීකා අවශ්‍ය නැහැ නේද? ඒ මවුහත් බව මෙයාලගේ ළමයින්ට නැත්තේ ඇයි?
මගදමාගිය පුද්ගලයන් සොයා මොවුන්ට අවුරුදු 2-3ක්වත් බරපතල සිර දඬුවම් නියම කළ යුතුය. අනික් මිනිස්සුන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක.
මේ තරම් අකාරුණික වැඩ කරන මිනිසුන් සොයා බලා නිසි දඬුවම් කළ යුතුයි.