IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විල්පත්තු තීන්දුවට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

විල්පත්තු වන රක්ෂිතයේ ආශ්‍රිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සදහා එළිපෙහෙළි කළ ඉඩම් වෙනුවෙන් තමාගේ වියදමින් නැවත වන වගාවක් සිදු කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය තමාට එරෙහිව  ලබා දුන් නියෝගය නීතියට පටහැනි බවත්, එම නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

 

ආබ්දීන් නීතීඥ සමාගම මගින් ගොනු රිෂාඩ් බදියුදීන් මහතා ගොනු කළ මෙම විශේෂ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය , මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් , පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් , පරිසර ඇමැති , මන්නාරම දිස්ත්‍රික් ලේකම් , නීතිපතිවරයා ඇතුළු පිරිසක්  නම් කරනු ලැබ සිටිති.

 

අදාළ අභියාචනාධිකරණය නඩු විභාගයේ නඩු නිමිත්තේ සදහන් කාල සීමාව තුළ තමා නිවාස ඉදිකිරීම් හෝ , වන සංරක්ෂණය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බවද පෙත්සම මගින් පෙන්වා දේ.

 

කැලෑ එළිපෙහෙළි නැවත පදිංචි කිරීම් සිදු නොකළ බවත් , එලෙස තමා විල්පත්තු රක්ෂිතයට මායිම් පෙදෙස්වල එළිපෙහෙළි කොට නැවැත පදිංචි කිරීම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද බදියුදීන් මහතා සිය විශේෂ අභියාචනයෙන් සදහන් කර ඇත.

 

එබැවින් ඉකුත් නොවැම්බර් 16 වැනිදා එකී අභියාචනාධිකරණය තීන්දුව බලරහිත කරන්නැයි ද විශේෂ අභියාචක පෙත්සම්කාර රිෂාද් බදුද්දීන් මහතා කියා සිටී.

 



මෙම  වන විනාශයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ  කරමින්  අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය  කරන ලදී. 

පෙත්සම්කරුවන්  වෙත  නියමිත  නඩු  ගාස්තු  ගෙවන ලෙස ද හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කෙරිණි. 


ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.

 



අදහස් (3)

විල්පත්තු තීන්දුවට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

sharm warn Monday, 01 February 2021 08:39 AM

ආ... එහෙමද? අපි නම් දැක්කේ හොර ඔප්පු වලට මිනිස්සු පදිංචි කරවලා හොර ඡන්ද දැම්මෙව්වා කියලයි.

:       0       0

Bamunuarachchi Monday, 01 February 2021 11:08 AM

අල්ලා දෙවියන් ළඟට ගියත් ඔය තීන්දුව තමයි හලෝ...

:       0       0

pradeepa Monday, 01 February 2021 11:34 AM

රිෂාඩ්ව එකපාරටම හිරේ යවන්න තිබුණේ තවත් බොරු කිය කිය යන්න බැරිවෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site