(දසුන් රාජපක්ෂ වාලච්චේනේ සිට)
අභාවයට ගොස් තිබෙන වාලච්චේන රජයේ කඩදාසි කම්හල නොබෝ දිනකින් නැවත විවෘත කිරීමට නියමිත බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (5) සඳහන් කළේය.
කඩදාසි කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සදහා රුපියල් කෝටි 80 ක මුදලක් වැය වනු ඇති බව අපේක්ෂා කළ ද රජයේ අනිකුත් ආයතනවල සහය ඇතිව අඩු වියදමක් දරා එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රජයට අවශ්‍ය කඩදාසි නිෂ්පාදන විදේශ රටවලින් ගෙන්වීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන නිසා මෙම කර්මාන්ත ශාලාවෙන් එම අවශ්‍යතා සපුරා ගැනීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා කීය.
මේ වනවිට වාලච්චේන කඩදාසි කම්හලට අවශ්‍ය ජලය සහ විදුලිය ලබා ගෙන තිබෙන අතර ඉන්දියාවේ තාක්ෂණික ඥානය ලබාගෙන කඩදාසි නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍රවල අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටින බව ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ මහතා පැවසීය.
නාවික හමුදාවේ යාන්ත්‍රික ඉන්ජිනේරු බලකාය යන්ත්‍රසූත්‍රවලට අවශ්‍ය විදුලිය ලබාගැනීමේ කටයුතු සිදුකරමින් සිටින බව සදහන් කළ ඒ මහතා තම අපේක්ෂාව වන්නේ පාසල් පෙළපොත්වලට අවශ්‍ය කඩදාසි මෙම කම්හල හරහා නිශ්පාදනය කර ජාතික අවශ්‍යතාවයක් වන දේශීය කඩදාසි අවශ්‍යතාව සපුරාලීම බව ඒ මහතා කියා සිටියේය.
1952 වසරේදී වාලච්චේන රජයේ කඩදාසි කම්හල ආරම්භ කළ අතර 1994 වසරේදී එහි නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි.
COMMENTS
ඡන්ද ගුණ්ඩු කියන්නේ මේවට තමයි..
ජනතාව රවට්ටන්න හම්බවෙන්නේ නෑ බ්‍රදර් මේ පාර... කෝ අර ඉරාජ් කියන කෙනා නැද්ද දැන්?
මේ කම්හල් කල් ඉකුත් වූ භාණ්ඩ. වැයවන විදුලි බිල් ලැබෙන ආදායමට වඩා වැඩිවේවි... ඔය කරන වියදමට අලුත් පොඩි යන්ත්‍රාගාරයක් ගත්තොත් ඉතාම කාර්යක්ෂම විදියට අඩු වියදම් ක්‍රියාවලියක් ඔය ධාරිතාවම එක්ක ලැබේවි. ඇමතිතුමනි, හිතලා බලන්න.
තමාට වාඩිවෙන්න රුපියල් ලක්ෂ හයක වටින්න පුටුවක් මහජන මුදලින් ලබාගෙන, දැන් කියනවා රජයේ වියදම් පාලනය කරනවලු. ජනාධිපති කලයුත්තේ මේ වගේ නාස්තිකාරයන් පාලනය කලයුතුයි.
තවත් කෝටී ගානක් කාබාසිනියා කරලා දාලා මේක මාස කීපයකින් නවත්තලා දමනු ඇත. 1952 කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර සහ වර්තමානයේ නවීන යන්ත්‍ර අතර වෙනස අහසට පොලව මෙනි. මෙම යන්ත්‍ර අලුත් වැඩියා කිරීම හුදෙක් සිහිනයක් පමණි.
කන්කසන්තුරේ සිමෙන්ති කම්හලත් විවෘත කරන්න.
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. මේ වගේ මිනිස්සුන් මේ පාර ගෙදරම තියන්න අපි සූදානම් විය යුතුයි.
මිනිස්සු පක්ෂ පාට නිසා මොනතරම් කුහක වෙලාද මේ අදහස් වලින්. මෙවැනි දෙයක් නැවත ආරම්භ කිරීම ගැන අපි ලාංකිකයන් වශයෙන් සතුටු වෙන්න ඕනේ. ඔලුව තිබනට මොලේ නැහැ..
කිසිම දේක හොදක් නොදකින බේසමෙත් කිබුල්ලු දකින කුහක මෝඩ, පාට කන්නඩි වලින් දෑස් අන්ද කරගත් පිරිසක් මෙතන අදස් පලකරන්නෙ
තවත් එජාප පාලනයක අයහපත් ප්‍රතිඵලයක් නිසා වහපු කම්හලක්. මේවා යලි ආරම්භ කර රැකියා අවස්ථා ඇතිකරන්න...
උක්ගස් වවලා කන්තලේ සීනි කර්මාන්තශාලාවත් ආරම්භ කළොත් හොඳයි. විදේශ වලින් මංකොල්ල කන ලාංකිකයන්ගේ ශ්‍රමය වැවිලි කර්මාන්තයටද යොදා ගත්තොත් හොඳයි.