IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


වැලිගම මුස්ලිම් නිවසකින් කෝටි එක හමාරක්

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ අද (28) දවස පුරා සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක නිදන ඇදක් යට බෑගයක සගවා තිබු රුපියල් එක් කෝටි විසිඑක් ලක්ෂ පනස් දහසක් සමග එම නිවස හිමිකරු අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

එම මුදල් උපයා ගත් ආකාරය හෙලි කර ගැනීමට එම සැකකරු අපොහොසත් වු බව පොලීසිය සදහන් කරයි.

ඒ තරම් විශාල මුදලක් එකවර ඔහුට ලැබුණු ආකාරය කෙසේ දැයි සෙවීමට විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

එම සැකකරු සෞදියේ පරිගනක අලෙවි කරන්නෙකු ලෙස රැකියාව කර ඇති බවද ඔහු සහ බිරිද ඉකුත් දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණ තිබෙන බවද කියති.

එහෙත් ඔවුන්ගේ නිවස දෙස බැලීමේදී එතරම් වත්පොහොසත්කම් ඇති පවුලක් නොවන බවට හෙළි වන බවද උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

කෙසේ වෙතත් 49 හැවිරිදි නිවසේ හිමිකරු හෙට (29)  මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (3)

වැලිගම මුස්ලිම් නිවසකින් කෝටි එක හමාරක්

Bamunuarachchi Sunday, 28 April 2019 05:17 PM

එ්ක යකාගේ වැඩක්නේ. ත්‍රස්තවාදය වෙනදෙයක්, ගෙදර සල්ලි තිබෙන එක වෙනදෙයක්. මිනිසුන්ට ගෙදර සල්ලි, මැණික් තියාගන්න බැරිද?

:       0       0

සනත් Sunday, 28 April 2019 07:05 PM

පිටරට වැඩ කරල උපයාගත්ත සල්ලි වෙන්න ඇති. ලංකාවෙන් ඩුබායි ගිහිල්ල වැඩකරල කෝටි 1000 ක් විතර වටිනා මැරියට් හෝටලය පටන් ගත්තේ ලංකාවේ මනුස්සයෙක්නෙ.

:       0       1

Roshan Monday, 29 April 2019 06:36 AM

ඔහොම අයව අල්ලනවනම් හැම කෙනාවම පරික්ෂා කරන්න . මුදල් උපයා ගත් ආකාරය හෙලි කර ගැනීමට බැරී අය හැමතැනම ඉන්නවා එකම ජාතියක් ඉල්ලක්ක කර ඔහොම කිරීම මගින් සිදුවන්නේ හොද මිනිස්සුත් ත්‍රස්තවාදීන් දෙසට තල්ලුවිම

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site