( තිළිණි ද සිල්වා )
ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක්‍රමිකතා සිදුවූ බවට කරන විමර්ශනවලට අදාළව තමා අත්අඩංගුවට ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 05 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) තීන්දු කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා , බුවනෙක අළුවිහාරේ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (5) කැඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම කල් තැබිණි.
ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට චෝදනා එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.
හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානධිපති, නීතිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති.
මොටර් රථ අමතර කොටස් ගෙන්වීමේදී අක්‍රමිකතාවයක් සිදුවන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳව තමන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් බී වාර්තා 3 ක් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
මෙම චෝදනා සම්පූර්ණ අසත්‍යයක් වන බවත්, මේ නිසා තමන් කිසියම් මොහොතක අත්අඩංගුවට ගැනීමේ ඉඩක් ඇතැයි ද පෙත්සමේ සඳහන් වේ.
එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බැව් ප්‍රකාශ කරන ලෙසද, තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර ප්‍රවාහන අමාත්‍යවරයා පෙත්සමේ සඳහන් කර ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නලීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමීණී මාරපන මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.
2025 දෙසැම්බර් මස 04
548
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙල්ගමගේ පෙත්සම සළකා බැලීම කල්යයි
Sathya Wednesday, 06 March 2019 03:31 AM
මොනවද මන්ද මේ මිනිස්සු කරන්නේ. හැමදාම කල්දමන එක තමයි කරන්නේ. ඕක කරන්න ලක්ෂ ගණනක මාසික පඩියක් ගෙවල විනිසුරුවරු තියාගෙන ඉන්න ඕනි නැනේ. කා.කා.ස. කෙනෙක් තිබ්බනම් ඇති දිනයක් දෙන්න. ඔව් හරි නැහැ හරි එක උත්තරයක් දෙන්න ඕනි පුළුවන් අවස්තාවටහරි මහජනයාගේ සල්ලි කාබාසිනියා කරන්නේ නැතිව. එක දවසක් උසාවිය කැඳවන්න කීදෙනෙකුට පඩි ගෙවනවද? වාහන, ගොඩනැගිලි, සංග්‍රහ වියදම් කීයක් බදු මුදල් වියදම් කරනවද? රට ආපහු වැදි යුගයට ගියානම් මිනිස්සු සැහැල්ලුවෙන් කන්න යමක් හොයාගෙන කාල ජීවත් වෙයි, මේ නාස්තිකාර නිලධාරී පැලැන්තිය නඩත්තු කරන්න හම්බ කරන තුට්ටු දෙක පුජා කරලා මැරිලා යන්නේ නැතිව.