වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනකු බන්ධනාගාර ගොඩනැගිල්ලක් මත නැග අද (11) විරෝධතාවක නිරතවූහ.
2005 වර්ෂයේ රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී ස්විඩන් ජාතික ඉවොන් ජොන්සන් නැමැති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරිමේ චෝදනාවට මරණ දඬුවම නියම වූ වරදකරු නිදහස් කිරිමට විරෝධය පළ කරමින් මෙම සිරකරුවන් දෙදෙනා මෙලෙස විරෝධිතාවයේ නිරත විය.
එලෙස මරණ දඬුවම නියම වී ජනපති සමාව ලබා නිදහස් වූයේ ජුඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තා වේ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර




COMMENTS
සමාව දෙන්නම ඕනෑ නම් රට, ජාතිය වෙනුවෙන් වැඩ කරපු යුද විරුවන්ට... දෙන්නකෝ...!!!
අරයා හිටියා නම් මරණ දඬුවම දෙන්න තිබ්බා.. මේ දෙන්නට.. නේද?
මරණ දඬුවම් හිමි සිරකරුවකු සමාවදී නිදහස් කිරීමට ජනාධිපතිට නීතිමය බලයක් තිබෙන බව ඇත්ත... නමුත් වෙනස් ලෙස සැලකීම කියන සංකල්පය මත දැනටමත් මත්ද්‍රව්‍ය සිරකරුවන් පමණක් එල්ලා මැරීම අධිකරණයේ අභියෝගයට ලක්වී තිබෙනවා. මේ ඒකෙ අනික් පැත්ත. "යුක්තිය ඉෂ්ට කිරීම පමණක් නොසෑහේ, ඉෂ්ට කළ බව පෙනෙන්නටත් තිබිය යුතුයි" කියලා එංගලන්තේ අගවිනිසුරුවරයෙක් අවුරුදු 100කට කලින් කියූ දේ අදත් අපේ අධිකරණවල වලංගුයි...
ඕවා කරාට වැඩක් නෑ. සමාව ගන්න නම් එක්කෝ කෝටිපති තාත්තා කෙනෙක් හොයාගන්න. නැත්තම් ටීවී චැනල් එකක් තියෙන අයියා කෙනෙක් හොයාගන්න.
රෝයල් පාර්ක් මිනීමරුවා නිදහස් කරේ සල්ලිවලටද? එසේ නම් අනිත් මිනීමරුවන්ටද සල්ලි ගෙවා එළියට එන්න ඉඩ දෙන්න ඕනෑ.
සල්ලි කාරයන්ට විතරයි ඔය සැලකිලි... ඔය කට්ටිය පල්ලෙහාට බහින්න.
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් නිකුත් කර ඇති නිවේදනයක "පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, පූජ්‍ය බද්දේගම සමිත හිමියන් සහ පූජ්‍ය ආචාර්ය කේ. පුඤ්ඤරතන නාහිමියන්ගේ ඉල්ලීම් සලකා බලා" මෙම තීරණය ගන්නා ලද බව සඳහන් වෙනවා. "මෙම සිද්ධිය වූ කාලයේ වරදකරුවා අවුරුදු 19 ක තරුණයෙක් නිසාත් ඉන්පසු කාලය තුළ ඔහු ඉතා යහපත් කල්කිරියාවෙන් කටයුතු කළ බුද්ධිමත් තරුණයෙක් නිසාත් ජනාධිපති සමාවදීමට සුදුසු බවට උන්වහන්සේලා ලිඛිතව කල ඉල්ලීම් සලකා බලන ලද" බවද එහි සඳහන් වෙනවා.