(ඉන්දිකා  රාමනායක )

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට   වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහලින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 07ක් කාන්තා අංශයේ රාජකාරී නියුතු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය  14 හා 15  යන දිනයන්හි දී මෙම පාර්සල් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම පාර්සල් 7 තුළ තිබී අයිස් මත් ද්‍රව්‍ය යැයි සැකකළ හැකි පැකට් 01 ක් , ජංගම දුරකථන 02 ක්,සිම්පත් 01 ක්,මත්පෙති බවට සැකකළ හැකි පෙති 35 ක, ජංගම දුරකථන බැටරි 01 ක්, තිබූ බවද හෙතෙම කියා සිටියේය 

අත්අඩංගුවට ගන්නා ලද තහනම් ද්‍රව්‍ය සහ  පාර්සල් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.