
(මනෝප්‍රිය ගුණසේකර)
වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ කැරැල්ලකදී එහි රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලබැ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජීව සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවශයෙන් කටයුතු කළ එමිල් රන්ජන් මහතාට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට කිරීම ලබන 12 වැනි දා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු අද නියම කළේය.
එම නඩුවේ තීන්දුව ලියා අවසන් වුවත් එහි මුද්‍රණ දෝස සැකසීමට කාලයක් අවශ්‍ය හෙයින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල්තැබීමට සිදුව ඇතැයි විනිසුරුවරු පෙන්වා දුන්හ.
මහාධිකරණ විනිසුරුවරුන්වන ගිහාන් කුලතුංග, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුද්‍රණ දෝෂ නිවැරදි කරන්නේ ආණ්ඩුවේ දේශපාලුවන්ද? එහෙම නැතිනම් ආණ්ඩුවේ දේශපාලුවන්ගේ ඉඳුල් බුදින බයියන්ද...? එහෙමත් නැතිනම් ආණ්ඩුවට කඩේයන අසික්කිත නිලධාරින්ද..? ඔය ගේම් එකේ මහමොලකාරයා රටේ ලොක්කා නිසා තීන්දුව අපිට හිතාගන්න පුළුවන්...
බැලූ බැල්මට මේ විනිසුරු මඬුල්ල නම් ඉතාමත් අපක්ෂපාතී ස්වාධීන අයවලුන්ගෙන් සමන්විතයි. විශේෂයෙන් කුලතුංග විනිසුරුතුමා...
සර්ගේ නඩයේ කට්ටිය නම් නිදොස් කොට නිදහස් කරලා දාවි...!!!
මොනවද ඉතින් අහන්න තියෙන්නේ..?