( ජයන්ත  සමරකෝන්)

 වැලිකඩ බන්ධනාගාරයේ  කාන්තා අංශයේ  තාප්පයට පිටතින්  වනාතමුල්ල , සීවලි පටුමග දෙසින්  තහනම් භාණ්ඩ  ඇතුළත් පාර්සල් 18 ක්  දමා  තිබියදී බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇත .
 
 මෙම භාණ්ඩ අතර  ජංගම දුරකතන 36ක්  ,බැටරි 264 ක්  , සිම්පත් 20 ක්, බුලත්, පුවක් මත්ද්‍රව්‍ය , හෙරොයින්, මාවා, දුම්කොළ, ගංජා ,දන්තාලේප, සබන් , සුවඳ විලවුන්, රෙදිපිළි, සනීපාරක්ෂක  ද්‍රව්‍ය මෙන්ම, මුහුණු ආවරණ තිබී ඇති බව බන්ධනාගාරය සඳහන් කළේය.


 මීට පෙර මෙම ස්ථානයෙන් තහනම් භාණ්ඩ දැමීමට උත්සාහ කළ  සැකකරුවන් 7 දෙනකු  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවත්,   මින් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා සියලුම භාණ්ඩ පොලීසිය බාරයට දෙන ලෙසත් උපදෙස්  දී ඇති  බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.