IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වෛරී ප්‍රකාශ නවත්වන්න ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක්

(බිඟුන් මේනක ගමගේ) 

වෛරී ප්‍රකාශ හා පණිවිඩ හුවමාරු කිරීම වැළැක්වීමට  ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක් පිහිටුවා ඇතැයි ද ඒ බව සිය සංගමයට දන්වා සිටියේ යැයි ද ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පැවසීය.

පසුගිය දිනවල සුළු ජන කොට්ඨාස සම්බන්ධයෙන් ෆෙස්බුක් හරහා වෛරී ප්‍රකාශන හුවමාරු වීම නිසා ශ්‍රී ලංකා රජය කිහිපවරක්ම ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයකට පිවිසීම අවහිර කර තිබිණි. එය පදනම් කරගනිමින් ෆෙස්බුක් ආයතනය මෙම පියවර ගෙන ඇතැයි ද කුරුවිටගේ මහතා කීය.

ෆේස්බුක් ප්‍රමිති උල්ලංඝනය කරන ගිණුම් හා සටහන් ඉවත් කිරීම,  මානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ටු ප්‍රචාරයවීම අඩු කිරීම සහ මානසික ආතතීන් අඩු කිරීමට යොදාගතහැකි ෆෙස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන, ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින සටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම යනාදිය අදාළ ඒකකයේ මූලික කාර්ය වී ඇතැයි ද කුරුවිටගේ මහතා කීය.

ෆේස්බුක් ආයතනය තම භාෂාමය ගැටළු විසඳාගැනීම සඳහා සිංහල පරිවර්තකයන්ගේ සහය ඉදිරියේදී නැවතත් ලබාගැනීමට සුදානම් යැයි ද කුරුවිටගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (12)

වෛරී ප්‍රකාශ නවත්වන්න ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක්

Bamunuarachchi Sunday, 23 June 2019 04:58 PM

අපි වෙන රටවල සිට දමන වෛරී ප්‍රකාශනත් නවත් වන්න පිළිවන්ද? වෛරී අදහස් වලින් පෙළපොත් ප්‍රකාශයට පමුණුවන්න පුළුවන් නම් ඊට ඒ ආකාරයෙන් පිළිතුරු දෙන්න බැරිද?

:       138       162

BamunuarachchiMonday, 24 June 2019 12:08 AM

වෛරී අදහස් ඇති ෆේස්බුක් ප්‍රකාශ විතරද නවත්වන්න හදන්නේ... එතකොට වෛරී අදහස් පලකරන ආගමික පොත් තහනම් කරන්නේ නැද්ද? ලෙඩේ මුල එතැනයි හලෝ. කිසියම් කෙනෙක් තම ආගමික පොතේ කියැවෙන පාඨයක් නැතිනම් ලංකාවේ පලවෙන පාසල් පොතක පාඨයක් පළකලොත් එය තවත් කෙනෙකුට වෛරී කියා නවතා දමන්නේ කොහොමද? එසේනම් ලෝකයේ වෛරය පතුරවන, බිලිපූජා පැවැත්විය යුතුයි කියන, දෙවියන් විශ්වාස නොකරන අය මරා දැමිය යුතුයි කියන පොතපතද විනාශ කළයුතුය.

:       0       23

AsankaMonday, 24 June 2019 06:05 AM

වෛරී අදහස් වලින් පෙළපොත් ප්‍රකාශයට පමුණුවන්න පුළුවන් නම් ඊට ඒ ආකාරයෙන් පිළිතුරු දෙන්න බැරිද? නියම කතාව බමුණු ආරච්චි , ආගම වෙනස්කලොත් මරන්න කියල පෙළපොත් වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇතුළත් කරන ගමන් ෆේස්බුක් වෛරී ප්‍රකාශ නවත්තන්න හදනවා , දෙකොනින් හිනා

:       0       30

මධුර බටගොඩ Monday, 24 June 2019 03:03 AM

දේශපාලකයන්ටත් ඒ නීතිය පොදු වෙන්න ඕනේ.දේශපාලකයන් විසින් හෝ ෆෙස්බුක් ජාලයෙන් පිටතදී හෝ රටට ජාතියට ආගමට හෝ කෙනෙකුට විරැද්දව කිසියම් තැනක කිසියම් විදිහකින් සදහන් කර ඉස්මතු කරවුහොත් මේ රටේ පුරවැසියන් හැටියට අඳ, ගොළු, බිහිරන්සේ සිටිය නොහැක.

:       0       0

Mahee Monday, 24 June 2019 03:28 AM

බමුණුට බය වෙන්න හේතුවක් නැහැ. වෛරී ප්‍රකාශන සහ නිර්ලජ්ජීව කඩේ යන ප්‍රකාශන අතර වෙනස ෆේස් බුක් කාරයෝ අඳුනනවා ඇතිනේ.

:       0       0

thilakasiri Monday, 24 June 2019 04:58 AM

වෛරී ප්‍රකාශ නවත්වන්න ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක් පිහිටුවීම ඉතා කාලෝචිතය. මන්ද අද ශෝක්කෝ බක්කෝ කවුරුත් ෆේස්බූක් භාවිතාකරති. ෆේස්බූක් වල පමණක් නොව ඕනෑම තැනක ඕනෑම අදහසක් අවෛරිව ප්‍රකාශ කරන්නෝ වගකීමෙන් යුතු බුද්ධිමතුන් වන අතර වෛරී ප්‍රකාශන කරන ඕනෑම කෙනෙකු වගකීමෙන් තොර බුද්ධිහීනයෝ බව කවුරුත් පිළිගනිති.

:       0       2

BamunuarachchiMonday, 24 June 2019 06:30 AM

එතකොට ආගමේ පත පොතේ තිබෙන වෛරී වැකියක් පලකලොත් එයත් තහනම් කොරනවාද? මේ කොලේ වහන්නේ කාව රැක ගන්නද? මේවා අපි දැනගත යුතුයි.

:       0       21

RANASINGHA Monday, 24 June 2019 06:59 AM

එ්ක නම් හොඳ වැඩක්... වෛරී ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතර විශාල බෙදීම් ඇති වෙනවා. ඉතින් කොහේද අපේ රට දියුණු වෙන්නේ...

:       0       8

BamunuarachchiMonday, 24 June 2019 08:07 AM

ආගම විශ්වාස නොකරන අය මරපල්ලා කියා මහපොතේ තිබෙනවා කියා පාසල් පෙරපොතේ තිබෙනවා නම් බෙදීම පටන් ගන්නේ කොහෙන්ද රණසිංහ? අපි වෛරයෙන් පිළිතුරු දෙන්නේ ඒ මහා පොතේ ඇති වැකිවලටයි. එය වැරදිද? සුමුටු වැකිවලින් පිළිතුරු දෙන්න ගිය රටවල අද බුද්ධාගම නැත...

:       0       19

Bamunuarachchi Monday, 24 June 2019 07:17 AM

ලෙඩේට මුල වෛරී ප්‍රකාශ ආගමේ මුල් පොතේ තිබීමයි. ඒවා සහරාන්ගේ හෝ ISIS කාරයින්ගේ නිපදවීම් නොවෙයි. ඔවුන් කලේ පොතේ ඇතිදේ පිළිපැදීම පමණයි. එසේ නම් වෙනස් විය යුත්තේ කොතැනද?

:       0       0

DarshanaMonday, 24 June 2019 10:14 AM

සහතික ඇත්ත බමුණුආරච්චි... මම මෙතරම් කල් ඔබේ සමහර අදහස් වලට එකඟ නැහැ. නමුත් මේ ඇස් පනාපිට පෙනෙන සත්‍ය බොරු කියලා කියන්න බැහැ.. මනුෂ්‍යයෙක් නම්. අදහන ආගම් පොතේ අන්‍යාගමිකයන් මරන්න කියලා තියෙද්දී, ඒවා රජයෙන් පාසල් පෙළපොත් වලට අනුමත කරද්දී, අහිංසක අන්‍යාගමිකයින්ට මරබිය ඇති නොවන්නේද? ඔවුන්ගේ පිළිතුරු කොහෙද පළකරන්නේ? වහාම මේවට පිළිතුරු ඕනෑ විද්වතුන්ගෙන්, රජයෙන්...

:       0       0

BamunuarachchiTuesday, 25 June 2019 12:06 AM

මම මොවුන්ගේ ආගමේ සඳහන්ව ඇතිදේ අන්‍යආගමිකයින්ට විරුද්දයි කියා ලීවේ බොහොම ඉස්සර එවිට මා ජාතිවාදියෙක් ලෙස හංවඩු ගැසුවා. දැන් ඔවුන්ගේ ළමා ජනගහනය සිංහල ළමා ජනගනය ඉක්මවලා, ඔවුන් නඩත්තු වෙන්නේ අපි අපේ ළමයි සඳහා ඉතිරි කරන සම්පත් වලින්. එම නිසා ළමයි සීමා කිරීමේ පනත්ද ගෙන එන්න වෙනවා. මෙහෙම ගියොත් බෞද්ද පාසල් මද්‍රසා පාසල් වෙනවා. එතකොට විරුද්ද වෙන්න කිසිවෙක් නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31392 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13633 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11021 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 133 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site