IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෙරළ පිරිසිදු කරන්න සිංගප්පූරුවෙන් යන්ත්‍ර අටක්

( තිළිණි ද සිල්වා)

සිංගප්පූරුවේ ලාභ නොලබන සංවිධානයක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසන් කිරීම සඳහා වූ ගෝලීය සන්ධානය (අ’ලයන්ස්),ඇමරිකා ඩොලර් 1, 80,000 පමණ වටිනා 'බීච්ටෙක් හයිඩ්‍රෝ ස්වීප්''වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ 8ක් ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය වෙත ලබා දුන් බව විදේශ අමාත්‍යාංශය පවසයි.

මෙම උපකරණ තොගය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් වෙරළ සංරක්‍ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

ජර්මනියේ කැස්බොහරර් ගෙලන්ඩෙෆාර්සියුග් ඒජී සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍ර මඟින් කුඩා ප්ලාස්ටික් කැබලි හා අනෙකුත් අපද්‍රව්‍ය ඵලදායීව හා කාර්යක්ෂමව පිරිසිදු කිරීමේ හැකියාව ඇත.

මෙම යන්ත්‍රයේ ඇති තවත් වාසියක් නම් අනතුරුදායක ද්‍රව්‍ය සමඟ මිනිස් සම්බන්ධතා අවම කරමින් වෙරළ පිරිසිදු කිරීම ආරක්ෂිතව සිදු කළ හැකි වීමයි.

ඉකුත් මැයි මාසයේ දී සැලකිය යුතු පාරිසරික හානියක් සිදු කරමින් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් නිකුත් වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරිසිදු කිරීම සඳහා මෙම යන්ත්‍ර උපකාරී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලද්දේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසිනි.

 



අදහස් (0)

වෙරළ පිරිසිදු කරන්න සිංගප්පූරුවෙන් යන්ත්‍ර අටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site