IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වර්ෂාවෙන් මොණරාගල පවුල් 587ක් අවතැන්

(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

පසුගිය දින‍ දෙක තිස්සේ නොකඩවා ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම
වැව්,අමුණු,ගංගා පිටාරගැලිම් හා නාය යෑම් නිසා අද (21) දහවල් වනවිට පවුල් 587ක 2335 දෙනෙකු
අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර
මහතා පැවසිය.


මොණරාගල දිස්ත්‍රික්කයේ ගල්ඔය, කුඹුක්කන්ඔය, වළවේ ගඟ, මැණික් ගඟ, විල්ඔය, හැඩ ඔය ඇතුලු ගංගා
ජලයෙන් පෝෂණය වන දෙටගමුව, කිරිඉබ්බන්ආර, මිගහඅරාව, කිතුල්කටුව, හඹරළුව, අක්කර දෙක, මරගල,
වෙහෙරගල, ඇතුලු ගංගාවන් සියල්ලම අඩි 5-6 උසට ජලය පිටාර ගැලීම නිසා දිස්ත්‍රික්කයට ගංවතුර
තත්වයක් ඇතිවූ බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

වර්ෂාවත් සමග දිස්ත්‍රික්කයේ නිවාස 190ක් හානියට පත්ව එක් ජීවිත අනතුරක් සිදුවූ බව
රවීන්ද්‍ර කුමාර මහතා කීය.

අවතැන් වූ අයගෙන් නිවාසවලට යාමට නොහැකිව සිටින පවුල් 90ක 200ක් පමණ දෙනා තවමත්
කඳවුරු 6ක සිටින බව කියයි.

දිස්ත්‍රික්කයේ ගංවතුර හා නාය යෑම් නිසා මාර්ග අවහිර වී, විදුලි රැහැන් බිමට වැටී, ජල මාර්ග අවහිර වී තිබේ
මේ වනවිටත් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වැසි පවතින බව සහකාර අධ්‍යක්ෂකවරයා කියයි.



අදහස් (0)

වර්ෂාවෙන් මොණරාගල පවුල් 587ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site