IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වරාය පනතට අත ඉස්සූ බදියුදීන්ගේ දෙදෙනකුට පක්ෂයේ දොර වහයි

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන්ගේ මහතා නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන් සහ අලි සබ්රි රහීම් යන මහත්වරුන් ගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂ නායකයින් විසින් අත්හිටුවනු ලැබ ඇත.

රහුමාන් මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර රහීම් මහතා නියෝජනය කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කයයි.

මෙම මන්ත්‍රීවරු දෙදෙනාම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේ දී පසුගිය (20) වැනිදා ඡන්දය ප්‍රකාශ කළහ.

ඔවුන් එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට පක්ෂව අදහස් පළ කරනුද අසන්නට ලැබිණ .

 



අදහස් (7)

වරාය පනතට අත ඉස්සූ බදියුදීන්ගේ දෙදෙනකුට පක්ෂයේ දොර වහයි

bandara Saturday, 22 May 2021 08:17 AM

මේකත් සංදර්ශනයක් පමණි. මේවා සිදුවන්නේ බදුර්දීන් දැනුවත්ව. ඔහුට ඇති චෝදනා වලින් නිදහස් වීමට මෙවැනි සහයන් රජයට දියයුතුයි.

:       7       30

සිරිබිරිස් Saturday, 22 May 2021 09:10 AM

තොප්පිය හැරෙන පැත්තට තමයි ඉතිං...

:       3       27

WCA Saturday, 22 May 2021 11:11 AM

බදුර්දීන් එළියට එන නිමිත්තක්ද?

:       3       21

Sri Lanka Saturday, 22 May 2021 11:35 AM

අයියණ්ඩියේ බිය නොවන්න... පාර්ලිමේන්තුවේ දොර ඔබලාට සදාකල් විවෘතයි.

:       2       18

ජයන්ත මිලානො Saturday, 22 May 2021 11:50 AM

හම්බ කරගන්න පුලුවන් වෙලාවේ හම්බ කරගන්න ඕනෑ... එහෙම නේද මන්ත්‍රීතුමන්ලා...

:       1       25

Demuni Uduwara Saturday, 22 May 2021 06:27 PM

සල්ලිවලට කරන කතා වගේ..!!! 

:       0       0

Udayakumara. - Rajagiriya. Sunday, 23 May 2021 05:47 AM

සිරිබිරිස් අංකල්, තොප්පිය හැරෙන පැත්තට කිව්වට, හැරෙන්න තොප්පියක් නැහැ... ඒකත් ගෙවිලා. පොඩ්ඩක්හරි හැරෙන්න නොතියා කපලා තිබුණා නම් මීට වැඩිය රට පෙරට ගිහින්, දැන් මොනවා කරන්නද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site