( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ නීතිපතිවරයා ගේ කරුණු දැක්වීම හෙට (23) පෙරවරු 10.00 දක්වා. කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද(22) නියම කළේය .
මෙම පෙත්සම් විභාගය අද (22) සිව්වැනි දිනටත් පැවැත්වූ. අතර අද දින පනත් කෙටුම්පතට පක්ෂව ගොනු කළ අතරමැදි පෙත්සම්කාර ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් කරැණු දක්වමින් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
නමුත් ඊට පිලිතුරු දුන් නීතිපතිවරයා පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දන්වා සිටියේ තමා ඒ ගැන දැනුම්වත්ව නොමැති බවය.
ඒ අනුව සියලු අපැහැදිලි තැන් පිළිබද සොයා බලා හෙට අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිට දැන්වීය .
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා , බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.